IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නගුල් සොරකමේ පොලිස් වාර්තාව අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ)

ජාතික උද්භිද  උද්‍යාන දෙපාර්තමේන්තුවේ  හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ  වාර්තාව සහ පොලිස් වාර්තාව එම දෙපාර්තමේන්තුවෙන්  අතුරුදන්ව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙවැනි වාර්තා  සහ පොත්පත් යනාදිය සුරක්ෂිතව තැබීමට එහි  ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන යොදා නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීම පිළිබඳ ප්‍රාරම්භක වාර්තාවද දෙපාර්තමේන්තු ප්‍රධානියා අනුමත කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

පොතින් අස් කිරීමේ සෑම නියෝගයකම පිටපතක්  විගණකාධිපතිවරයාට යැවිය යුතු වුවද කුරු නගුල හා තැටි නගුල පොතින් අස් කිරීමට අදාල නියෝගයේ පිටපත් විගණකාධිපතිවරයාට යොමු කර නොතිබූ බව එහි සඳහන් වේ.

මල් වගා පර්යේෂණ සංවර්ධන අංශය  සුවහසක් මල් සංගම් වෙත බෙදා දීම වෙනුවෙන් මිලදීගෙන තිබූ පොලිතින් බෑග් හත්දාහක හිඟයක් පැවතුණ  බවද  වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික උද්භිද  උද්‍යාන දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.



 

 

 



අදහස් (1)

නගුල් සොරකමේ පොලිස් වාර්තාව අතුරුදන්

Lankabarana Wednesday, 25 June 2025 05:01 AM

මල්වගා පර්යෙෂන හා සංවර්ධන අංශය මී මැස්සන්ට පැණි බීමට හැකි මල්වර්ග සංවර්ධනය කරනවානම් ලංකාවෙ වගාවන්හි අස්වැන්නත් වැඩිකර ගැනීමට රුකුලක් වේවි එහෙම නැතුව ඇන්තූරියම් වැනි සුවදක් නැති මල් වර්ග පමනක්ප්‍රවර්ධනය කලොත් එම වගාවන් නිසා කාලයක් යනවිට මීමැස්සො වැනි සත්ව ජාති වදවීගොස් අවුරුදු කීපයකින් මිනිස් ප්‍රජාවත් පෘථිවියෙන් වදවී යාවි විගණනයෙන් එහෙම අදහස් ඉදිරිපත් වෙන්නෙ නැතෙයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site