IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


නගර සභා හතකට - ප්‍රා.සභා තුනකට උසස් වීම්

(අජන්ත කුමාර අගලකඩ)

නගර සභා හතක් මහ නගර සභා ලෙස ද,ප්‍රාදේශීය සභා තුනක් නගර සභා ලෙසද උසස් කිරීමටත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රජයට කර ඇත.

කළුතර, වවුනියාව, පුත්තලම ත්‍රිකුණාමලය, මන්නාරම, අම්පාර සහ කෑගල්ල යන නගර සභා මහ නගර සභාව ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇති අතර, කිලිනොච්චිය, මුලතිව් සහ මොනරාගල යන ප්‍රාදේශීය සභා නගර සභා ලෙස උසස් කිරීමට නිර්දේශ කර ඇත.

මෙම නගර සභා 7 සහ ප්‍රාදේශීය සභා තුන උසස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.

පළාත් පාලන ආයතන 341ක් රට පුරා ක්‍රියාත්මක කර අතර,ඉන් මහ නගර සභා ඇත්තේ 24කි. නගර සභා 41ක් ඇති අතර, ප්‍රාදේශීය සභා 276 ක් පවතී

 



අදහස් (3)

නගර සභා හතකට - ප්‍රා.සභා තුනකට උසස් වීම්

Perera Tuesday, 09 August 2022 12:14 AM

ඕවායේ ඉන්න අයගේත් පැටිකිරිය උසස් වුණොත් හොඳයි නේද?

:       0       1

Krishan Tuesday, 09 August 2022 08:14 AM

පානදුර වැලිගම මහ නගර සභාවක් කරන්න ඕන එලෙසම කැළණිය ප්‍රාදේශීය සභාවත් මහ නගර සභාවක් කල යුතුයි කිරිබත්ගොඩ වැනි විශාල ජනාකිර්ණ ප්‍රදේශ ඇතුලත් වන නිසා මහර ප්‍රාදේශීය සභාවත් බියගම ප්‍රාදේශීය සභා නගර සභා ලෙස උසස් කල යුතුයි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව දෙකඩ කර මහ නගර සභා දෙකක් දෙහිවල හා රත්මලාන ලෙස ස්ථාපිත කරන්න ඕන. ජනගහනය අධික නිසා කැස්බැවෙන් කඩා බොරලැස්ගමුව නගර සභාව පිහිටවු අයුරින් කලයුතු දේවල් තියෙනකොට වැඩකට නැති ඒවා මන්නාරම හා වවුනියාව මහ නගර සභා කල යුතු නැහැ කිලිනොච්චිය මුලතිව් නගර සභා කල යුතු නැහැ උසස් කරන නිර්ණායක වැරදි නම් සංශෝධනය කල යුතුයි. සමහර දේශපාලන හේතුන් මත ප්‍රාදේශීය සභා එකවර මහ නගර සභා කලා දඹුල්ල හා කඩුවෙල නමුත් මහරගම එසේ මහ නගර සභාවක් කලේ නැහැ දැන්වත් එසේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ලෙස සිටින නිසා.

:       1       1

Sanju Tuesday, 09 August 2022 09:28 AM

මම මෙ කියන්නෙ ජාතිවාදී දෙයක් නෙමේ නමුත් මෙ සියලු ප්‍රදේස මුස්ලිම් අය බහුල ප්‍රදේශ විතරයි මටනම් මෙ ගැන ලොකු සැකයක් තියනවමොකද අයියලගෙ ප්ලෑනස අපෙ ගොන් හරක් වගෙ නෙමේ

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 427 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site