
(ආර්.එෆ්.එම්.සුහෙල් )
නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙකු යටවි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
නුවරඑලිය පොලිස් ස්ථානය ඉදිරිපිටදි මෙම අනතුර සිදුව ඇත.
නුවරඑලිය හාවාඑළිය ප්‍රදේශයේ සිට නුවරඑලිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවුසරය නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයකද ගැටි පදිකයින් දෙදෙනා යට කරගෙනවිත් ප්‍රධාන මාර්ගය අභියස පිහිටි පැති බැම්මක ගැටි නතර වි ඇත.
බවුසර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවද කියයි. බවුසරයේ රියදුරා නුවරඑලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නගර සභා ගලි බවුසරයට දෙදෙනක් යට වෙති
රංබොඩ Friday, 12 July 2024 12:17 PM
ගලි බවුසරයක් අධික වේගයෙන් ගමන් කරන්න කිසිම හේතුවක් නෑනෙ. රියදුරාගේ තියෙන අසංවරකම පමණයි හේතුව . මේවට රටේ දඬුවම් නැති නිසා නොහික්මුණු මිනිසුන් හැදෙන්නෙ නෑ.
උපාලි Friday, 12 July 2024 05:56 PM
ඕක මොකක්ද අප්පා! තව ටිකෙන් දියවන්නාවෙ ගලි බවුසරයට රටම යටවෙන්න හිහින් නූලෙන් නොවැ බේරුනේ...!