IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නැගෙනහිර මුහුදේ අනතුරක්

(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී, ආපදාවට ලක් වූ අස්වර් නමැති මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් තිදෙනකු බේරා ගත් බවත් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි  නාවික හමුදාව පවසයි.

ධීවරයින් පස් දෙනකු  රැගත් අස්වර්  නමැති මෙම බහුදින ධීවර යාත්‍රාව වාලච්චේන ධීවර වරායෙන් 2024 මැයි මස 12 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ආපදාවට ලක් වී ඇත.

වාලච්චේන ධීවර වරායේ පිහිටි සංඥා මධ්‍යස්ථානය වෙතින් ලද තොරතුරකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් මත  හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් කඩිනමින් ආපදාවට ලක් වූ ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි.

අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි එක් ධීවරයකු  ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් CG 407 යාත්‍රාව මඟින් ත්‍රිකුණාමලය වරාය ‍වෙත රැගෙන ඒමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ අතර, නිරුපද්‍රිව සිටි අනෙක් ධීවරයන් දෙදෙනා  වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් වාලච්චේන ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි ඉතිරි ධීවරයන් දෙදෙනා  ගෙන් එක්  ධීවරයකුගේ මෘත ශරීරය මේ වන විට හමුවී ඇති අතර, අනෙක් ධීවරයා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.



අදහස් (0)

නැගෙනහිර මුහුදේ අනතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site