IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි

(ගයාන් සූරියආරච්චි)

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 5 දෙනකු සහ තරුණයන් 17 දෙනකු පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව එම අඩවි වන නිලධාරී කාර්යාලය කියයි.

මෙම කණ්ඩායමේ විශ්ව විද්‍යාල සිසුන්,  ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන් ද සිටින බවට අනාවරණය වී තිබේ.

මෙම කණ්ඩායමේ කිහිප දෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ  අනවසරයෙන් ඇතුළුවී ඇති බව උසස් අඩවි වන නිලධාරියෙක් කීය.

මෙම කණ්ඩායම ඉකුත් (11) දා රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මෙසේ කූඩාරම් ගසාගෙන සිට ඇති අතර සංරක්ෂිත රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාද පවත්වා ඇති බවත් අඩිවි වන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී තිබේ.



අදහස් (2)

නකල්ස් මහ කැලයේ මුහුණු පොත සාදයක් වටලයි

karolis Monday, 13 May 2024 10:38 PM

ලංකාවේ තරුණ තරුණියන් ලොකුවට system change කරන්න අරගල කලාට තමන්ගේ රටේ සම්පත් වලට ගරු කරන්නවත් දන්නේ නෑ.

:       1       14

අපිත් ආසයි Tuesday, 14 May 2024 05:04 AM

දාහත පහෙන් බෙදලා බලපූවහම එකෙකුට තුන්දෙනා ගානේ වැටෙනවා. පට්ට ආතල් එකක් ගන්න ඇති.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site