
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවේ පැකට් 98 ක් මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ සහිත ලොරියකින් කුඩාවැල්ල ධීවර වරායෙන් පිටතට ගෙන යාමට තැත්කල සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් කුඩාවැල්ල ධීවර වරායේ ගේට්ටුව අසලදී අද (13) අලුයම 01 ට පමණ අත් අඩංගුවට ගනු ලැබූහ .
මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 49 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 49 ක් සොයාගත් බව පොලිසිය කියයි . කෝටි ගණනක වීදි වටිනාකමක් ඇති මෙම කුඩු පැකට් එකක කිලෝව බැගින් අසුරා ඇතැයි පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ගුන්නෑපාන සහ පැපියලවල පදිංචි 35 වන සහ 36 වන වියේ පසුවන දෙදෙනෙකි.
මුහුදු මාර්ගයෙන් බහුදින ධීවර යාත්‍රාවකින් කුඩාවැල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය මාලු ප්‍රවාහනය කරන මුවාවෙන් පිටතට ගෙන යාමට සැකකරුවන් තැත්කර ඇතැයි පොලිසිය කියයි .
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායා රූප චන්ද්‍රසේන ගමගේ
2025 දෙසැම්බර් මස 18
513
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවර වරායෙන් කුඩු පන්නන්න හදලා