
(සුමිත් පොතුපිටිය, ශ්‍රීනාත් ප්‍රසන්න සහ දයා හේමන්ත සිල්වා)
වස්කඩුව මුහුදේ එක්දින ධීවර යාත්‍රාවක් අද (8) උදැසන අනතුරට ලක්වීමෙන් තිදරු පියකු අතුරුදන්ව දිවි ගලවාගත් දෙදෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ කළුතර උතුර , විලේගොඩ රෝසවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී නිශාන් සිල්වා නමැති 35 හැව්රිදි තිදරු පියකු බව පොලිසිය කීය.
අතුරුදන්ව ඇති පුද්ගලයා තවත් දෙදෙනකු සමග උදැසන 6.30 ට පමණ කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා ජේ.එස්. මැරීන් නමැති ඒ 1380 කේ එල් ටී එක්දින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇත.
එන්ජිමේ කාර්මික දෝෂයකට ලක්වී බෝට්ටුව පෙරලී ඇති අතර, තිදෙනා බෝට්ටුවේ එල්ලී සිට ඇති බවත් පහරට හසුව දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පොලිසිය කීය.
දිවි ගලවාගත් දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ප්‍රදේශයේ ධීවර යාත්‍රා දෙකක් යොදා මුහුදේ නිරීක්ෂණය කරමින් සිටී අතර , කළුතර උතුර පොලිසිය ප්‍රදේශයේ ජනතාව සමග වෙරලේ නිරීක්ෂණය කරන ලදී.

2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවර බෝට්ටුවක් පෙරළේ