(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඉන්ධන සහ භූමිතෙල් මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සමස්ත ධීවර ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින හෙයින් ඔවුනට කඩිනම් සහනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (04) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමිනි.
වර්තමාන ආර්ථික අර්බුදයත් සමග ඉන්ධන මෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් යෙදවුම්හි මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යෑම නිසා ධීවර කර්මාන්තය උග්‍ර අර්බුදයකට මුහුණදී සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ විශාලතම සහ ලාභදායීම ප්‍රෝටීන ප්‍රභවය වන මත්ස්‍ය ආහාර සැපයුම මෙලෙස තර්ජනයට ලක්ව ඇත්තේ ළමා මන්දපෝෂණයද උග්‍ර වෙමින් පවතින අවස්ථාවක බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා 4,500කට ආසන්න බහුදින ධීවර යාත්‍රා සහ 25,000කට අධික සුළුපන්න ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ඩීසල් සහ භූමිතෙල් නිසි ක්‍රමවේදයකට සැපයීමට රජය අසමත්වීමෙන් අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇතැයිද ප්‍රකාශ කළේය.
විශේෂයෙන් භූමිතෙල් මිල රුපියල් 87 සිට 340 දක්වා ඉහළ දැමීම නිසා සුළු පන්න ධීවරයන්ට සිය ජීවනෝපාය කිරීමට ඉතා අපහසු වී ඇති බවත් මත්ස්‍ය නිෂ්පාදන හිඟවීම නිසා මත්ස මිල ඉහළ යෑමෙන් පාරිභෝගිකයන්ට එය දරාගත නොහැකි තත්ත්වයක් වී ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයන් වෙනුවෙන් සජිත්ගෙන් යෝජනාවක්
fairoos Tuesday, 04 October 2022 02:19 PM
මේ කාලකන්නි ආණ්ඩුව තියනකම් රටට කිසිම සෙතක් නැහැ
Sujeewa Wednesday, 05 October 2022 05:47 PM
පුතාණෝ නොහොත් මෝඩ පුතාණෝ නිකන් කියවනවා...!