IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


ධනුෂ්කට එරෙහි කොන්දේසි ලිහිල් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හේතුවෙන් මාස ගණනක සිට ඔස්ට්‍රේලියාවේ සිරවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට සිඩ්නි අධිකරණය ඇප කොන්දේසි ලිහිල් කරමින් අවසර ලබා දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව මෙම මස තුළදී ඕස්ට්‍රේලියාව තුළ දෙවතාවක් සංචාරය කිරීමට ධනුෂ්ක ගුණතිලක හට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය අවසර ලබා දී තිබේ.මෙය ගුණතිලක ලැබූ ජයග්‍රහණයක් ලෙස ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දී තිබුණි.

මෙම සතියේ දින හතරක් සහ මස අවසානයේ දින හතරක් ගුවන් තොටුපොළවල් වෙත යෑමට ගුණතිලකට අවසර ලබා දීමට වැඩබලන විනිසුරු ග්‍රෑම් බෙන්සන් නියෝග කර ඇත.ගුණතිලකට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් වෙත යෑම වළක්වා ලමින් පනවා තිබූ දැඩි ඇප කොන්දේසිය ලිහිල් කරමින් මෙම අවසරය ලබා දී තිබේ.

නමුත් සංචාරය කිරීමට අවම වශයෙන් පැය 48 කට පෙර සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය පොලිසියට දැනුම් දිය යුතු බවට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණය නියෝග කර ඇත.

 



අදහස් (1)

ධනුෂ්කට එරෙහි කොන්දේසි ලිහිල් කරයි

Nalin Thursday, 10 August 2023 09:19 AM

ඔබ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් නමුත් ඔබ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ කළ දේවල් නිසා විශ්වාස කළ නොහැකිියි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site