IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු පොලිස්පති තනතුරෙන් නෙරපයි?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

එම කමිටු වාර්තාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි විෂමාචාර චෝදනාවලට වරදකරු කර ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කළහ.

 



අදහස් (18)

දේශබන්දු පොලිස්පති තනතුරෙන් නෙරපයි?

Asela Tuesday, 22 July 2025 10:45 AM

අපි දැනටමත් තීරණය දන්නවා. ඒක හරියට රජයේ පුරප්පාඩුවක් සඳහා විධිමත් දැන්වීමක් වගේ. ඒ පුද්ගලයා දැනටමත් තෝරාගෙන තිබුණත්, දැන්වීම විධිමත්භාවය සහ ක්‍රියා පටිපාටිය සඳහා පමණයි.

:       70       21

ටිල්වින් සීයා Tuesday, 22 July 2025 10:57 AM

හරි එහෙනම් කියපු විදියටම කරාට ස්තුතියි. පොරොන්දු වෙච්ච තනතුර ලැබෙයි.

:       53       22

Rata Perata Tuesday, 22 July 2025 11:34 AM

නෙරපලා විතරක් මදි, වැරදි කරලා තියෙනවානම් දඬුවම් දෙන්නත් ඕනේ

:       99       87

Rama Tuesday, 22 July 2025 03:31 PM

ශානි සහ රවී දඬුවම් ලැබුවා වගේද දඬුවම් දෙන්න ඕනෑ. විශ්‍රාම ගියත්, අනුන්ගේ වළං හෝදන්න හැදුවත්, වාහනේ හප්පලා මනුස්සයෙක් මරලා නඩුවක් තිබුණත් ඊගාව ආණ්ඩුවට සෙට් වුණාම හොඳ තනතුරක් ලැබේවි. දැන් ආණ්ඩුව කරන දෙයම ඊගාව ආණ්ඩුව ආවමත් කරාවි...

:       0       2

පන්සිළු Tuesday, 22 July 2025 12:04 PM

මේවා ඉතින් කලින් ලියපු කතානේ. පස්සේ කියෙව්වාට. අර නළුවා ඉස්සරහා වැඳ වැටිච්චි⁣ කෙනා දැන් ලොකු තනතුරක. ඕනෑ අයනේ දැන් තනතුරු දරන්නේ... මේ වගේ කෙළවරක් වෙන දවසක් එයි. අපි බලා ඉන්නවා.

:       0       2

පොඩිඑකා Tuesday, 22 July 2025 12:11 PM

පක්කලි කොමෙන්ට් කාරයෝ වැඩ පටන් අරං, මොකද යෝගා, ගුණේ පමා?

:       1       0

de silva Tuesday, 22 July 2025 12:13 PM

වැරදි කරලා තිබෙන බවට සාධාරණ සැකයක් තිබෙනවා නම් අර වාස් ගුණවර්ධනට කළා වගේ, වහාම අත්අඩංගුවට අරන් නඩු විභාගේ පටන් ගන්න. මෙය රටින් පලායාමේ විශාල අවධානමක් තිබෙනවා. එක පාරකුත් උසාවිය මගහරිමින් ඉඳලා මාසෙකට විතර පස්සේ ඉදිරිපත් වුනේ...

:       0       1

අරවින්ද මොණරවිල Tuesday, 22 July 2025 12:46 PM

දේශබන්දුව පන්නන්න තිබුණේ මීට බොහෝම කාලයකට පෙර, ඒ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්න කාලයේ ! පරක්කු වෙලා හරි නිවැරදි තීරණයක් ගත්ත එක හොඳයි, දැන් මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනෑ.

:       1       0

Perakum Liyanagama Tuesday, 22 July 2025 12:56 PM

මාලිමාවට ඕන දේ වුණා නම් එච්චරයි. වෙන මොනවාද?

:       0       1

ලූට මූස් Tuesday, 22 July 2025 12:59 PM

අසේල, යෝගා, ගුණේ අයියා, සීයාගේ ලොන්ඩරියට හෙන වැදිලා.

:       1       0

විපරමා Tuesday, 22 July 2025 01:24 PM

සිද්දාලේප බන්දුවා.. කොමෙන්ට්ස් කරන වහලුන්ට නම් අවුල් ඇති...

:       1       0

රනේ Tuesday, 22 July 2025 02:51 PM

දැන් පුළුවන් අච්චු කරන්න. එහෙම නේ..?

:       1       0

wedage Tuesday, 22 July 2025 03:39 PM

ඉතින් ටිරාන් අලස්ව අල්ලන්න ඕනෑනේ...

:       0       1

Perera Tuesday, 22 July 2025 05:18 PM

මූව පොලීසියෙන් එළවන්න තිබුණේ මූ සහකාර පොලිස් අධිකාරී කාලේ. දේශපාලුවන්ගේ පස්සෙන් ගිහින් පොලිසියේ ඉහල තනතුරු ලබාගත්තා ඔවුන්ගේ බලු වැඩ කර කර

:       1       1

Chitra Tuesday, 22 July 2025 07:42 PM

මෙවන් අයගේ පිංතුර නිල ඇදුමෙන් තොරව දමන්න. කරපු තරමක් නොහොබිනා වැඩ කරලා දරැවන්ට ගින්දර දුන්න තිරිසන් මිනිහගේ මුහුන පමනක් දමන්න.

:       0       1

Neel Tuesday, 22 July 2025 08:16 PM

ඩොබිලාගේන් රට බේරාගෙන රට හරි මගට ගන්න එකත් අභියෝගයක්. ජය වේවා...

:       1       1

m. saman perera Wednesday, 23 July 2025 09:33 AM

නීතිය අවභාවිතා කළාට දැඩි දඬුවම් දෙන්න ඕනේ

:       0       2

nihal Wednesday, 23 July 2025 09:59 AM

මේ මිනිහාව පොලිසියට බැඳෙන විට තිබූ රෑන්ක් දක්වා පහල දැමිය යුතුයි .දඩ මුදල අය කර ගත යුතුව ඇත

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 24 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 187 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site