IMG-LOGO

දේශබන්දු නෙරපනවාට සජබෙ පක්ෂයි පොහොට්ටුව විරුද්ධයි

(සුජිත් හේවාජුලිගේ)

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව  පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු අවස්ථාවේදී එම නිර්දේශයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී දැඩිව හඬ නැගුවේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු වෙති.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පැවසුවේ දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපන යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බවයි.

පොලිස්පතිවරයා පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පක්ෂයට කිසිදු පැහැදීමක් නැතැයිද ඔවුහු සඳහන් කළහ.

දේශබන්දු  තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරින් නෙරපීමේ යෝජනාව  පිළිබඳ විවාදය ලබන මස 5 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

යෝජනාව පිළිබඳ විවාදයෙන් පසු ඡන්ද   විමසීම  පැවැත්වේ.

මෙම යෝජනාව සම්මත වීමට නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව සියලු මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක්( 113ක්) ඡන්දය ප්‍රකාශ කළ යුතුවේ.

යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙනු   ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි   දැනගන්නට ඇත.



අදහස් (0)

දේශබන්දු නෙරපනවාට සජබෙ පක්ෂයි පොහොට්ටුව විරුද්ධයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 125 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site