(ෂේන් සෙනෙවිරත්න)
පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එම රැඳවියා විසින් සිදු කරන ලද සොරකම් කිහිපයක් හේතුවෙන් ඊට වරදකරු වී 2022 වසරේදී පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව තිබේ .
උදරයේ දැවිල්ල සහ වේදනාව හේතුවෙන් එම රැඳවියා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහුගේ උදරයේ ස්කෑන්පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
එම රැඳවියා පොලිසියට පවසා ඇත්තේ තමන් ළඟ ජංගම දුරකථනයක්ති බේදැයි ප්‍රශ්න කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු විසින් ඔහුව කාමරයකට රැගෙන ගොස් පහර දුන් අවස්ථාවේදී එම කාමරයේ තිබූ ටියුබ්ල යිට් එකක් ගලවා කඩා එය සපා ගිල දැමූ බවයි .
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පා
ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ
ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දුරකතන හබේ දුරදිග ගිහින් රැඳවියා ටියුබ් ලයිටයක් ගිලලා