IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි

(මොහොමඩ් ආසික්)

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි  කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින සම්පත් සමඟ ප්‍රාදේශීය ලේකම්වරුන් හා එම කාර්යාල මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරන බව ද ඒ මහතා කිවේය.

ඒ අනුව නගරයට පැමිණෙන සියලු සැදැහැවතුන්ට ආහාර ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කළ බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගන්නා බවත් ඔහු කීවේය.

සහල්, පොල් ඇතුලුව ලබා ගන්නා වියළි සලාක ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් සකස් කොට දන්සල් ලබා දෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය.

මේ වන විට විශාල ජනකායක් දළදා වන්දනාව සඳහා මහනුවරට ඇදී එමින් පවතින බව කී දිස්ත්‍රික් ලේකම්වරයා, ඔවුන්ට පහසුකම් සැලසීම මෙන්ම ඔවුන් කුසගින්නේ නොතැබීම තමන් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සතු වගකීමක් වන බව ද සඳහන් කළේය.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අමතර පහසුකම් හිමිවන බවත් දානපතියන් ඇතුලු විවිධ පාර්ශව උපකාර කිරීමට ඉදිරිපත්වී සිටින බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

 

 



අදහස් (1)

දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි

chinthaka Sunday, 20 April 2025 06:23 PM

ගුඩ් ජොබ්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 600 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 512 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site