IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න යෝජනාවක්

(යොහාන් භාසුර)

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දහම් පාසල් අධ්‍යාපන අනිවාර්ය කිරීමට  බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම යෝජනාවට කැබිනට් මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යයේ උසස් නිලධාරියෙක් පැවසීය. 



අදහස් (9)

දහම් අධ්‍යාපනය අනිවාර්ය කරන්න යෝජනාවක්

රටවැසියෙක් Friday, 05 May 2023 01:12 PM

මේ වැඩේ නම් අනිවාර්යෙන්ම කලයුතුම වැඩක්. විභාග පාස් කරන්න විතරක් උගන්නන අධ්‍යාපනය රටාවකින් ගුණ යහපත් පුරවැසියන් බිහිකරන්න බෑ. දැන් රටේ සිදුවෙන දේවල් දිහා බැලුවම අපි ඉන්නේ කොහේද කියලා හිතෙනවා. දැන් ඉන්න පරම්පරාව දෙමව්පියෝ, ගරුවරු, වැඩිහිටියෝ ගැන කිසිම ගරුකිරීමක් නෑ.පොඩි ප්‍රස්නයකදී උනත් තමන්ගේ මව්පියන්ට, ගුරුවරුන්ට ගහල මරන තත්වයට දැන් ළමයි පත්වෙලා. ඒ ගැන අවවාද අනුශාසනා කරලා ඒ පිරිස් යහමගට ගන්න ඉන්න පිරිස ඊට එහා. විශ්වවිද්‍යාල වල ඉන්න උගත් යයි සම්මත ස්වාමින්වහන්සේලා, ළමයි ගේ පහත් හැසිරීම ගැන හැමෝටම දකින්න ලැබෙනවා. විදුර වික්‍රමනායක මැතිතුමා කරන්න යන මේ වැඩේට බොහෝ පිරිස් අකමැති වෙයි. විසේශයෙන් පුද්ගලික පන්ති කරන tution ගුරුවරු. ඒ අයගේ ළමයිටත් වටිනවා මේ දහම් අධ්‍යාපනය. නැත්නම් ඒ ගුරුවරුන්ටත් අවසාන කාලේ ගෙවන්න වෙන්නේ වැඩිහිටි නිවාසෙක තමයි.රටත් ජාතියටත් වැඩදාය මේ යෝජනාවට සැමගේ සහයෝගය ලැබේවා. දහම් අධ්‍යාපනයේ වටිනාකමක් නොදන්නා එලොවටත්, මෙලොවටත් නැති පිරිස් අකමැත්ත ප්‍රකාශ කරයි......

:       1       2

කසුන් Friday, 05 May 2023 02:06 PM

දරුවන්ව දහම්පාසල් යැව්වෙ නැතිනම් දෙමාපියන්ව හිරේ යවනවද ?

:       1       0

රුචිර Sunday, 07 May 2023 03:33 PM

හිරේ නම් යවන්නේ නැතිවෙයි. හැබැයි ළමයි ලොකුවෙනකොට දෙමව්පියෝ වැඩිහිටි නිවාසෙකට දැක්කයි. ඔවුන්ට තේරෙන්නේ නෑනේ දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ වටිනාකම. යහපත් ගුණ ධර්ම දන්නේ නැතිනිසා. විභාග නෙමෙයි ළමයින්ට මුලින්ම කියලා දෙන්න ඕනේ මනුස්සයෙක් වගේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. දැන් ළමයි කියන, කරන ඒවා දිනපතා අහන්න, දකින්න ලැබෙනවානේ කොච්චර සෝචනීයද? ළමයි නැති, ළමයින්ගේ අනාගතයක් ගැන නොහිතන, තමනුත් එළොවටත්, මෙලොවටත් නැති පිරිස් මේව‍ාට අකැමැති වෙයි.

:       0       0

Nawagamu Perera Friday, 05 May 2023 02:24 PM

Learning any religion is a right of any person. But it should not be made compulsory in Education. No one should be forced to believe in anything. I don't believe in Creation or rebirth!

:       1       1

අමර Friday, 05 May 2023 02:33 PM

ආගමෙන් මිනිස්සු ඈත් කරවන වැඩක්. ‌ආගම කියන්නෙ කැමැත්තක් ඒකට බැඳෙන්නත් ඉවත්වෙන්නත් පුලුවන් මේ ඒකට උඩගෙඩි දීමක්.

:       2       1

ලුම්බිණි Friday, 05 May 2023 02:35 PM

මීට වඩා අනිවාර්ය කලයුතු දේවල් නැද්ද?

:       2       0

. රංජන Friday, 05 May 2023 02:58 PM

දෙමව්පියන් ගේ වගකීමකි. බලෙන් කිරීමට නොහැක​. ඇතැම් විට ප්‍රශ්න ඇතිවිය හැක​. එවිට ඇමැති වග කියන්නේ නැත​. බාලාංශයේ සිට සා පෙළ දක්වා ද ආගම උගන්වයි.

:       2       0

ana Friday, 05 May 2023 07:06 PM

අනිවාර්ය කරන්න පුලුවන්. ඒත් දහම් අධ්‍යාපනය ලැබුවාද කියලා මනින්නේ කොහොම ද? ඒ වාගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා පුද්ගලයකෙුට යම් ආගමක් නො අදහා ඉන්න නිදහස තියෙනවා.

:       2       0

ගැමියෙක් Sunday, 07 May 2023 03:37 PM

ආගමක්, දහමක් අදහන්නේ නැති අය ඉන්නවා. තිරිසන් සත්තු කිසිම ආගමක් අදහන්නේ නෑ. මිනිස්සු ඒ තත්වෙට වැටෙන්න ඕනේ නැහැනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site