(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට ( 21) අලුයම 4.00 සිට බල පැවැත්වෙන පරිදි හුදෙකලා කෙරේන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අතර කොරෝනා පැතිරීම පාලනය වීම නිසා දිස්ත්‍රික්ක 10 ක තවත් ග්‍රාම නිලධාරි වසම් 82ක් හෙට (21)අලුයම 4 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට නියමිතය.
හුදෙකලා කෙරෙන මෙම ග්‍රාම නිලධාරි වසම් අතර ඉන්දීය සැර කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් පස් දෙනකු හමු වූ දෙමටගොඩ ආරාමය පෙදෙස ද වෙයි .
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යටිහේන , මීගහවත්ත සියඹලාපේ වත්ත සහ කිරිබත්ගොඩ නාහේන , අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ නව වලතපිටිය ගම්මානය,මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන මීරවෝදි නැගෙනහිර , මීරවෝදි බටහිර සහ මාන්වකෝලයි බදු රිය ,රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න දාපනේ, රත්නපුර මුල්ලෙ කන්ද වත්ත සහ කොට්ටල ,කළුතර දිස්ත්‍රික්කයේ මහ වස්කඩුව දකුණ සහ මිනේරිතැන්න සුනාමි ගම්මානය ,යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි සාවට්කඩ්ඩ්,මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල දෙමදඔය,නිකගොල්ල ,නිකගොල්ල උතුර ,ලග්ගල කිවුල වාඩිය සහ ගුරුවෙල,පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මරක්කලගම,නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන කැරොලිනා වතු වතුයායට අයත් කඩවල වත්ත කොටස ,ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව ගෝනවල බොල්තුඩුගම,මාතර දිස්ත්‍රික්කයේ වල්ගම පැලෑන දකුණ , කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ ආරාමය පෙදෙස 66 වත්ත මෙසේ හුදකලා කෙරෙන ග්‍රාම නිලධාරී වසම් ය.
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිසා 12ක වසම් 24ක් හෙට අලුයම 4 සිට හුදකලා කරයි
දසත Monday, 21 June 2021 08:11 AM
මේ වගේ වෙලාවක වසම් මට්ටමෙන් වහල වැඩක් නෑ කියල සෞඛ්‍ය අංශ කී වතාවක්නම් කිව්වද? කොහෙද ඉතින් බල්ලගෙ වැඩේ කරන්නෙ බූරුවනෙ.