IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දිසා පහක ප්‍රා ලේ කොට්ඨාස 21 කට නාය යාමේ නිවේදන

 (මොහොමඩ් ආසික්)

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29 ) පස්වරුවේදි  තව දුරටත් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම සහ නෙළුව ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, ගලිගමුව සහ දැරණියගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත,කිරිඇල්ල, කලවාන, සහ අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ , ඇහැලියගොඩ  රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

අද 29 වනදා පස්වරුවේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට 30 වනදා සවස 4.00 වනතුරු බල පැවැත්වෙන බවත් වැසි තත්වය තව දුරටත් පවතී නම් අවදානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

දිසා පහක ප්‍රා ලේ කොට්ඨාස 21 කට නාය යාමේ නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site