IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දොස්තරගේ වාහනේ දොර බලෙන් විවෘත කර කොන්ත්‍රාත්කරැ යතුරක් අරන්ගිහින්

(තිලකරත්න දිසානායක)

ගම්පහ  දිස්ත්‍රික් මහ රෝහලෙහි රථගාලෙහි නතරකොට තිබූ හදිසි කැඳවුම් විශේෂඥ වෛද්ය වරයෙකුගේ මෝටර් රථයක් බලෙන් විවෘත කොට එහි තිබූ යතුරක් රැගෙන ගිය රෝහල් කොන්ත්රාරත්කරුකු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව  ගම්පහ මූලස්ථාන පොලීසිය කියයි.

හදිසි රෝගියෙකු පරීක්ෂා කිරීම පිනිස ඉකුත් සිකුරාදා (18) රාත්‍රී 8.30 ට පමණ  රෝහලට පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරයා මෝටර් රථය, රථ ගාලෙහි නතර කොට රෝහල තුලට ගොස් ඇති අතර මද වේලාවකින් රථගාල වෙත පැමිණ ඇති රෝහලෙහි නඩත්තු කටයුත්තක් සිදු කරන කොන්ත්‍රාත්කරු , වෛද්‍යවරයාගේ  රථය තම රථයට අවහිරවන සේ තිබීම මත වෛද්‍යවරයාගේ රථය බලෙන් විවෘත කොට එය පසෙකට තල්ලුකර දමා ඔහුගේ රථය රැගෙන ගොස් ඇත.

පසුව රථය වෙත පැමිණි වෛද්‍යවරයා තම රථය තල්ලු කොට තිබීම පිළිබඳව සොයා බැලීමේදී රථය තුල තිබූ තම රෝහල් කාමරයෙහි යතුරද නොමැතිවීම මත පසුව මේ සම්බන්ධයෙන් රෝහල් ආරක්ෂක අංශය වෙත දැනුම්දීමෙන් අනතුරුව වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව පොලීසිය සඳහන් කරයි. 

වෛද්‍යවරයාගේ  මෝටර් රථය බලහත්කාරයෙන් විවෘත කිරීම සහ ඒ තුල තිබූ යතුරක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිනිස සැකකරුට පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇතත් අද (20) වනතුරුත් නොපැමිණීම මත සැකකරු අත් අඩංගුවට ගැනීම පිනිස පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර පොලිස් (1) අධිකාරී තුසිත කුමාර මහතා පැවසීය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්යම පොලිස්පති මහින්ද දිසානායක මහතා සහ ගම්පහ කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්රපධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිසිය කියයි.



අදහස් (4)

දොස්තරගේ වාහනේ දොර බලෙන් විවෘත කර කොන්ත්‍රාත්කරැ යතුරක් අරන්ගිහින්

සකල ගුරු Sunday, 20 March 2022 04:56 PM

මේවා ඉතින් කාගෙ කාගේත් වැරදි කියලා හිතෙනවා. මොකද දොස්තරලා තමන්ගේ වාහනය නවත්වන්න තැනක් වෙන්කරගෙන තියෙනවා. කොන්ත්‍රාත්කරුට රෝහල් වල වාහන නවතන්න තැනක් නැහැ. ඔහු දොස්තරලගේ ස්ථානයේ නැවැත්වීම නොරිස්සූ වෛද්‍යවරයා ඕනෑකමින් වාහනයක් පිටුපස තමන්ගේ වාහනය නතර කරන්න ඇති. මෙහිදී දෙන්නම හිටියේ අර්ශස් රෝගීන් වගේද කියලා හිතෙනවා. මම හිතන්නේ වැරැද්ද ආරක්ෂක අංශයේ අයගේ කියලා..

:       2       21

පැරකුම් Sunday, 20 March 2022 05:02 PM

කළ වරද බරපතලයි. නමුත් නිසි පරිදි වාහනය ගාල්කරන්න නොදන්න අයට මෙවැනි අකරතැබ්බ සිදුවීම වැළැක්විය නොහැක.

:       3       18

Jaya Sunday, 20 March 2022 09:04 PM

වැඩේ වැරැදියි. ඒත් බොහෝමයක් වාහන ගාල් කරන් ආපු විදිහ නම් ඔහොම තමයි...

:       0       6

සොරිසේන Monday, 21 March 2022 07:53 AM

දොස්තරගේ කාමරේ යතුරක් අරන් යන්න කොන්ත්රාත්කරුට පිස්සු නැතුව ඇති. දොස්තරගේ වාහනේ අයින කරපු එකට දොස්තර බොරු චෝදනාවක් දාල සිය හීනමානය ප්‍රදර්ශනය කරන සේයාවක් මටනම් පෙන්නේ. පොලොසියත් දොස්තර මාෆියාවට බයවෙලා කොන්ත්‍රාත්කරුට නීතිය උපරිමයෙන්ම ඉටු කරනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 22 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 187 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 41 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site