
( දිල්රුක්ෂි ග්‍රේරු)
අධික වැසි සහිත පවතින කාල ගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ,කලුතර, කෑගල්ල,රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික් මෙලෙස නාය අවදානමක් ඇති දිස්ත්‍රික්ක ලෙස හ ඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
පසුගිය පැය 24 ක කාලයේදී වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතීනම් නාය යෑම් , බෑවුම් කඩා වැටීම්,ගල් පෙරලිම්,පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් යන අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වන ලෙස හා ඒවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු වූවහොත් හැකි ඉක්මනින් ආරක්ෂිකාරී ස්ථානයකට ගමන් කිරීමට කටයුතු කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කරයි.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 101 දශම 6 ඉමදූව - පින්නදූව අතර පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ධාවනය තාවකාලිකව නතර කර කිරීමට පියවර ගෙන තිබේ.

(ඡායාරූපය -බිමල් ශ්‍යාමන් ජයසිංහ ) දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමේ ඡායාරූපයකි
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිස්ත්‍රික් 5 කට නාය යාමේ අනතුරු ඇඟවීම්