IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19 )නිකුත් කර තිබේ.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට  දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, බදුල්ල,හාලිඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

 මෙයට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිල්හල, අගලවත්ත,මතුගම සහ වලල්ලාවිට,යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර සහ කඩවත් සතර,උඩදුම්බර, උඩපළාත, උඩුනුවර, යටිනුවර, පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය,යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද,

 කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල,  දැරණියගල, දෙහිඕවිට, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, වරකාපොළ , යටියන්තොට, සහ බුලත්කොහුපිටිය, යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල,ඉඹුල්පේ,අයගම,ඇහැලියගොඩ , කලවාන,බලංගොඩ, ඇලපාත,රත්නපුර සහ කුරුවිට යන ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස සඳහාද පළමු මට්ටමේ  නාය යැමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

 අතර එම අනතුරු ඇඟවීම හෙට 20 වනදා අළුයම දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක හතකට නාය යාමේ අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site