
(ගයාන් සූරියආරච්චි)
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (27) පැවැසීය.
එමෙන්ම රතු නිවේදන නිකුත් කර ප්‍ර දේශවල ජනතාවට වහාම එම ස්ථානවලින් ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව නුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, මැද දුම්බර, ගඟබඩ කෝරළය, උඩුදුම්බර දොළුව, යටි නුවර, උඩ පළාත, පාත හේවාහැට, දෙල්තොට, පාතදුම්බර යන ප්‍ර දේශවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹගමුව, අඹගමුව කෝරළේ, රත්තොට, නාවුල, උකුවෙළ යන ප්‍රදේශවලටත්, නුවරඑළීය දිස්ක්‍රික්කයේ වළපනේ ප්‍ර දේශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බව ද තල්දූව මහතා පැවැසීය.
එම ප්‍ර දේශව ජනතාව ඉතා ඉක්මනින් එම ස්ථානවලින් ඉවත්වීම වැදගත් වන අතර ඔවුන් ඉවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය, යුද හමුදාව සහ ප්‍රදේශීය කාර්යාලවල නිලධාරීන් සම්බන්ධීකරණය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
දිස්ත්‍රික්ක 9 කට නාය අවදානම් නිවේදන
(නිමල කොඩිතුවක්කු)
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ඒ අනුව බදුල්ල, කොලඹ, ගම්පහ, නුවර, කෑගල්ල, නුවරඑළිය, කුරුණෑගල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා සඳහා හෙට (28) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන