IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දූෂණ විරෝධී පනත සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුව සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව  පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත  කෙරිණ.

මේ අනුව පනතට සංශෝධන ඇතුළත් කිරීම සඳහා කාරක සභා අවස්ථාව ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දෙවන දිනයටත් පැවැත්විණ. විවාදයෙන් අනතුරුව අදහස් දැක්වූ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ මෙම පනත සම්මත කිරීම කල් දමන බවයි. 19 වැනිදා සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව පනත සම්මත කරන බවද  ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.

මේ පනත අද සම්මත කරල සංශෝධන පස්සේ ගේන්න.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා

හොරු අල්ලන්නේ නැහැ කියලා දන්නවා.හොරු අල්ලන  පනත ගේන්නේ නැහැ කියලා දැනගෙන හිටියේ නෑ.අපි මේ ගැන කොච්චර සාකච්ඡා කළාද. අද සම්මත කරලා පස්සේ සංශෝධන ගේන්න.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා

අපේ සංශෝධනවලට  කන් දීමට ආණ්ඩුව සූදානම්වීම හොඳ ප්‍රවණතාවක්. මේ පනත කල් දාන්නෙ ඇත්තටම මේ සංශෝධන නිසාද.
මේ කරන්නේ වෙනත් බලපෑමක් නිසා.
රටට වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා

රටම බලාගෙන ඉන්නෙ දූෂණ මර්දන පනත එනකම් . අපි සංශෝධන 53ක්   ඉදිරිපත් කළා.අල්ලස් කොමිසමේ නඩු අහන්න කල් ගැනීමට
මේක ප්‍රමාද කරනවා කියලා අපිට ආරංචියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අලුත් දූෂණ මර්දන පනත මුළු රටේම බලාපොරොත්තුව. අද මේ පනත කල්  තැබීමෙන් රටට නරක පණිවුඩයක් යනවා. කුමන හෝ බාහිර බලපෑමක් නිසා මේක කල් දානවා කියලා. විසුරුවා හැරපු පළාත් පාලන ආයතන වලට ඒ  මන්ත්‍රීවරු නැවත පත් කිරීමට කපුටු යෝජනාවක් ගෙනාවා. අපිට සැකයක් තියෙනවා මේක දෙවෙනි කපුටු යෝජනාවද කියලා. අද තියෙන්නේ  පාර්ලිමේන්තුවේ ස්වෛරිත්වයද කපුටගේ ස්වෛරිත්වයද. අධිකරණ ඇමති තුමාගේ හෘද සාක්ෂිය දන්නවා මේක කපුටගේ බලපෑමක් කියලා. ලක්ෂ දෙසීයක් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉවත් වුණු පුද්ගලයන් කපුටු බලපෑම් කරනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා

මේ පනත අද සම්මත කරගන්න කර ගන්න පුළුවන්ද බැරිද. එතුමා තමයි මේ පනත ගෙනාවෙ. මේක මහ අබිරහසක්. අරගලයක් ආවෙත් ඒකයි. 225ම හොරුයි කියනවා. අපි එහෙම නෑ කියල ඔප්පු කරමු. ඒ පණිවිඩය රටට දෙන්න. මේ පනත අද සම්මත කර ගනිමු.

සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා

මේක කල් දැම්මේ සියලු දෙනා එකඟ වෙලා. පිටු 28ක සංශෝධන තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය  විතරක් සංශෝධන තිස්හතරක් එවල තියනවා. මේක සදාකාලික කල් දැමීමක් නොවේ. මේක රජයේ වැඩ කටයුත්තක්. අධිකරණ ඇමතිතුමා ඉවසීමෙන් මේ කටයුත්ත කරනවා. මීළඟ සැසියේ 19 වෙනිදා මේ යෝජනාව විවාදයට ගන්නවා. එදාට සංශෝධන ඉදිරිපත් කරනවා.

ලක්මන් කිරිඇල්ල මහතා

මොකක්ද ඇමතිතුමාගේ මතය.

කතානායක

සභානායකතුමාගේ යෝජනාවට සභාව එකඟද

සජිත් ප්‍රේමදාස මහතා

සියලු රටවල් මේ ගැන බලාගෙන ඉන්නවා. ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය මේ ගැන බලාගෙන ඉන්නවා. අපි අද මේක සම්මත කරමු. අපේ වැඩ කටයුත්ත ඉවරයි.
කල් දාන්න හේතුව මොකක්ද.

කතානායක

සභාවට අවශ්‍යයි කල් තියන්න

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා

මේ පනත සංශෝධන ඇතුළත්  කරලා හදන්න මාස දහයක් ගත වුණා. වෙනත් පනත් සීයක් වෙනුවෙන් වුණු  වෙහෙස මේ පනත වෙනුවෙන් ගත්තා. විසි එක් වෙනි සංශෝදනයට වඩා මේකට මහන්සි වුණා. පනත කල් දාන්න මගේ පැත්තෙන්  හේතුවක් නෑ. කල්දාන හේතුව මොකක්ද කියලා මම දන්නෙ නෑ.

සජිත් ප්‍රේමදාස මහතා

බළලා මල්ලෙන් එළියට පැන්නා. බලන්න විෂය භාර ඇමතිතුමා බොහොම  පැහැදිලි ප්‍රකාශයක් කළා. කල් ගන්න හේතුවක් නැහැ කියලා එතුමා කියන්නේ. එතකොට මේ බලපෑම කාගේද. කපුටගේද. ඇයි ඔබතුමාලා මේ ඇමතිතුමා මෙච්චර හෑල්ලු කරන්නේ. මේක අද ඡන්දයට ගන්න. සභානායකතුමා මේක මගහැර යන්නේ කොහොමද

ඊට පසු පනතේ එක දෙක යෝජනා සංශෝධන පසුව කිරීමට යටත්ව සම්මත  කෙරිණ.



අදහස් (1)

දූෂණ විරෝධී පනත සම්මතයි

N. V. Leelananda Thursday, 03 August 2023 08:08 AM

දුෂනයෙන් තොර රටක් අනාගත දරුවන්ට උරුමකරලිමේ අාරම්හයක් ලෙස මෙය අගනා පියවරකි. සිවිල් සමාජ ක්‍රයාකාරිකයෙකු ලෙස ඉන් මා සතුටට පත් වෙමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site