IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට

( සුමිත් පොතුපිටිය)

හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක් අද(30) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර  ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

කළුතර දකුණ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා  මහතා හෙරෝයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන  පොලිසියට රැගෙන විත් තිබේ.

අනතුරුව සැකකරුට ඇඳුමක් ගෙන්වා ගැනීම සදහා ඔහුගේ බිරිඳට  දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති අතර,  ඇයද විනාඩි 20 කට පමණ පසුව පොලිසියට පැමිණ ඇතැයිද පොලිසිය කීය.

පසුව එම කාන්තාව සැකකරු නඩුවෙන් නිදහස් කරලෙන ලෙස ඉල්ලීමක් කර  ඒ සඳහා ලක්ෂ තුනක මුදලක් දූෂණ මර්දන අංශයේදී එහි ස්ථානාධිපතිවරයට ලබා දීමට  හැකි බවත් පවසා තිබේ.

එහිදී දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මුදල් ලබා දීමේදී සැකකරුගේ  බිරිඳවද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී ශ්‍රී රංගා  මහත  ඇතුළු නිළධාරීන් වැටලීම කර තිබේ.

 



අදහස් (0)

දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site