(අංජුල මහික වීරරත්න)
දේශීය අර්තාපල් හා ලොකු ලූනු මිල අඩු වුවහොත් ගොවීන්ගෙන් නිෂ්පාදන මිල දී ගැනීමට රජය මැදිහත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එලෙස මිලදී ගැනීමේදී අවම සහතික මිලක් නියම කරන බව ද අමාත්‍යවරයා කීය.
මේ දේශීය අර්තාපල් හා ලොකු ලූනු අස්වනු නෙලන කාලය වුවත් ඒවා තවමත් විදේශ රටවලින් ආනයනය කරතියි ගොවීන් කරන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.
දේශීය අර්තාපල් හා ලොකු ලූණු ගොවීන් කිසිසේත්ම අසීරුතාවයට පත් කිරීමට රජය ඉඩ නොතබන බවත් රජයේ වගකීම ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කිරීම බව කී අමාත්‍යවරයා ගොවි නිෂ්පාදන සඳහා අවම සහතික මිලක් ලබා දෙන අතරම පාරිභෝගිකයාට ද අවම මිලකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාව සැලසීම රජයේ වගකීම බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය අල,ලූනු ගොවීන් රකින්න සහතික මිලක්
පුරවැසියා.... Friday, 12 August 2022 12:03 PM
අමාත්‍යතුමා, ගොවියා මෙන්ම පාරිභෝගිකයින් ගැනද විශේෂ අවධානය යොමු විය යුතු අතර සෑම ආහාර වර්ගයකම අසාමාන්‍ය ලෙස මිල ගණන් ඉහළ දැමීමට ඉඩ නොදිය යුතුයි. උදා: සහල් මිල ගණන් මහා පරිමාණ සහල් මෝල් කරුවන් විසින් හිතුමතේ ඉහළ දැමීම හේතුවෙන් අද වනවිට පාරිභෝගිකයාට සහල් මිල දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දිය හැකිය. සහල් ආනයනය කොට හෝ මිල ගණන් පහළ දැමීමක් වියයුතු බව ජනතාවගේ මතයවී ඇත.
ලසන්ත Friday, 12 August 2022 03:12 PM
ඇමතිතුමෝ දේශීය ලොකු ලූනු රට ලූනු තරම් වියලිව එන්නෙ නැහැ .කොළ අමුවෙන් තියෙද්දි ගලවන නිසා ලූනු ඉක්මනින් කුණුවෙනවා ඒ ගැන ගෝවීන් දැනුවත් කරන්න .කොහොමත් අමු ලූනු බර වැඩිනිසා කොළ මැරෙන්න පෙර ගලවනවාද දන්නෙ නැහැ .තවත් පිරිසක් කියනවා ආනයනය කලාම රේගු ආදායම් ලැබෙනවා කියලා .දේශීය අර්තාපල් වලට ජනතාව කැමතියි නමුත් දේශීය ලොකු ලූනු වලට කැමැත්ත අඩුයි.ප්‍රතිපත්ති තීරණය කිරීමේදී මේ ගැන බලන්න