(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට ඉකුත් (09) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුකූලව මෙම ස්ථාන මාරුවීම ලබා දෙන ලෙසට උපදෙස් ලබා දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දේශබන්දු මාරු කරන්න නීතිපති උපදෙස්
Kule Monday, 23 May 2022 02:02 PM
දේශබන්දු මහතා ඔහුගේ ඉහළ නිලධාරීන් දෙදෙනාගේ අණ පිළිපැද්දා පමණයි. රටේ නීතිය ක්‍රියාත්මක නොකළේ ඒ දෙදෙනාටයි. ඒ දෙදෙනාට තමයි නීතිය අවශ්‍ය විය යුත්තේ...
සරණපාල Monday, 23 May 2022 02:41 PM
නමුත් එතුමා තමාගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කළේ නැත. මහා විනාශයක් සිදුවීමට යන බව දැකදැක, අහක බලාගෙන සිටීම හරි නැහැ නේද?...
C.K.Lankaputhra.Monday, 23 May 2022 03:36 PM
මහත්තයෝ, ඉහල නිලධාරියෙක් දෙන නීත්යානුකුල විධානයක් ක්රියාවේ යෙදවීමට පහල නිලධාරියා බැඳිල ඉන්නවා මිසක් දෙන අනීතික විධානයක් ක්රියාවේ යෙදවීමට බැඳිල නැහැ. මොහු පොලිසියේ ඉහල නිලධාරියෙක් මිසක් දේශපාලකයන්ට කඩේ යන නිලධාරියෙක් වෙන්න බැහැ. ඒනයින් බලන කොට සහ අතීත ක්රියාකාරකම් මතක් කරනකොට මොහු කුප්රකට නිලධාරියෙක්.
සෙනෙවිරත්න Monday, 23 May 2022 04:41 PM
එහෙනම් මොකටද මෙයාට තනතුරු ? ඕක කරන්න පුළුවන් එස් අයි කෙනෙකුටත්,
Ranga Monday, 23 May 2022 03:47 PM
සේවයෙන් ඉවත් කළ යුතුයි..
Sas Monday, 23 May 2022 04:00 PM
රාජ්‍ය සේවකයෙක් ලෙස දේශබන්දු මහතා සිය රාජකාරිය බරපතල ලෙස පැහැර හැර ඇත. එබැවින් ඔහුට එරෙහිව ආයතන සංග්‍රහයේ විනය කාර්ය පටිපාටිවලට අනුව විනයානුකූලව දඬුවම් කළ යුතුය. ඵය පොලිස් කොමිසම විසින් සිදුකළ යුතුයි...
swene Monday, 23 May 2022 04:08 PM
ඔවුන්ට විරුද්ධවත් ඇඟිලි දික් වෙලා තියෙන නිසා ඔය එක්කෙනෙක් වත් ඉන්න තැන් වල තියලා සාධාරණ පරීක්ෂණයක් සිදු වෙතැයි හිතන්න අමාරුයි.
වර්ණකුලසූරිය Monday, 23 May 2022 07:02 PM
තම වගකීම නිසිලෙස ඉටු නොකළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව යම් ක්‍රියා මාර්ගයක් ගත්තත්, තම වගකීම නිසි ලෙස ඉටු නොකර රටක්ම විනාශ කළ ජනපතිවරයාට එරෙහිව යම් ක්‍රියාමාර්ගක් ගැනීමට නීතියේ ඉඩක් නොමැති වීම තේරුම් ගත නොහැකියි. වර්තමාන අර්බුදයට වැරදිකරුවා ඔහු බව තර්කයක් තිබිය නොහැකියි. අඩුම වශයෙන් තම ආත්ම ගෞරවයවත් රැක ගෙන ඉල්ලා අස්වෙන දේශපාලකයන් ශ්‍රී ලංකාවේ නොමැති වීම ලැජ්ජාවට වගේම කණගාටුවටද කරුණකි.
Kumara Monday, 23 May 2022 11:55 PM
බන්දනාගාරයටද?