IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දේශපාලකයෝ නෑ:රෝහල් වාට්ටුව රෝගීහු විවෘත කරති

(සුනිල් ඒකනායක)

මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රෝහලේ මේ වන විටත් නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබිය.

රජයේ මහජන මුදල් වැය කරමින් ඉදිකරනු ලබන බොහෝ ගොඩනැගිලි මෙතෙක් දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ යුගය නිමා කරමින් රුපියල් මිලියන 485 ක වියදමකින් යුතුව ඉදිකරන ලද එම වාට්ටු සංකීර්ණය ඉතා චාම් අයුරින් ජනතා අයිතියට පත් කළේය. 

රෝගී ඇඳන් 167 කින් සමන්විත වාට්ටු හතරක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් ලෙස මෙම සිව් මහල් ගොඩනැගිල්ල සැලසුම් කර ඇති අතර සම්පුර්ණ චින රජයේ ප‍්‍රදානයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන ලදි.

වසර දෙකකින් එහි කටයුතු නිම කිරිමට බලාපොරොත්තු වුවද පසුගිය වකවානුවේ අප රට මුහුණ දුන් මුල්‍ය අවපාතයත් සමඟ එහි වැඩකටයුතු අඩපණ වී තිබුණද මේ වන විට සියලූ කටයුතු අවසන් කිරිමට හැකි වී තිබෙනවා.

 

 



අදහස් (12)

දේශපාලකයෝ නෑ:රෝහල් වාට්ටුව රෝගීහු විවෘත කරති

don Monday, 02 December 2024 05:14 PM

මීට කළින් නම් ආණ්ඩු වලින් හදපුවත් පස්සේ පත්වෙච්චි ආණ්ඩුවල අය ඇවිත් තමන්ගේ නම ගහලා ලොකු වියදමක් දරලා ඕපන් කළේ. සමහරු තමන්ගේ බූදලයෙන් හැදුවා වගේ විවෘත කළේ. මෝඩ මිනිස්සු ඒවා බලලා අප්පුඩි ගැහුවා.

:       2       100

ranjith Monday, 02 December 2024 05:28 PM

ආයතනයක් දියුණු කරන්න කැපවෙන්නේ ආයතනයේ කාර්ය මණ්ඩලය... එමනිසා කාර්ය මණ්ඩලය විසින් විවෘත කිරීම හොඳ දෙයක්... පුද්ගලික ධන පරිත්‍යාගයෙන් කරන පොදු වැඩක් එම දානපතියා ලවා විවෘත කිරීම වඩාත් සුදුසුය...

:       2       82

අරවින්ද මොනරවිල Monday, 02 December 2024 05:46 PM

එහෙම උත්සවයක්වත් අවශ්‍ය නැහැ නේද? දේශපාලකයෝ නැති නිසා දැන් නිලධාරින් බඩ පිනුම් ගහන්න අවශ්‍ය නැහැ.

:       43       34

බකල ජයා Monday, 02 December 2024 06:20 PM

ඒ වුණාට හරි නෑ. කැසිකිළි, වැසිකිළි විවෘත කරන ඒවට හිටපු අයට ආරාධනා කරලා, ඇතුලේ නම් ලොකුවට ගහන්න ඕනෑ. නම තියෙනවාට එතුමන්ලා හරි කැමැතියි...

:       2       61

Nimnada Monday, 02 December 2024 06:21 PM

නියමයි. අවම වියදමක් යන්න ඇත්තේ..

:       1       63

රුවන් Monday, 02 December 2024 07:07 PM

මට මතකයි ඉස්සර, මමත් රජයේ සේවකයෙක් හින්දා, ගොඩැනිල්ලට වියදම කෝටි 3යි නම් ඇමැතිගේ විවෘත කිරීමට ලක්ෂ 25ක් ගිය අවස්ථාවක්. කාගේ සල්ලි ද පුච්චන්නේ අපේ සල්ලි නේද? කුලී වැඩ කරන සුගත් අයියාගේ, වතුකරයේ තේ දළු කඩන සේල්වී අක්කාගේ බදු මුදල් නේද?

:       3       74

Chandra Monday, 02 December 2024 10:45 PM

ආදර්ශය හොඳයි . නමුත් රාජ්‍ය වියදම් අඩු කෙරීමටත් වඩා කල යුත්තේ කාර්යක්ෂමතාව ඉහල දැමීම. රජය මේකටත් අත ගහයි. එදාට ඔය පැය 4 වැඩ කරන දොස්තරලා, බොරුවට OT දාන attendant ලා සහය දෙයි කියල අපි බලාගෙන ඉන්නවා.

:       0       9

ලයන් Tuesday, 03 December 2024 02:43 AM

මේවා වැලඳ ගත යුතු ආදර්ශ , නව රජයේ කටයුතු කරන විදිය දැක්කම ඇතිවෙන්නෙ ලොකු සතුටක්

:       0       7

රට වැසිය Tuesday, 03 December 2024 02:58 AM

අපි මිට පෙර දැක්කෙ බෙර ගහල නටල මල් මාල දාගෙන ,සුදු ඇදුමෙන් සර්වාංගය වහගත්ත තඩි බඩක් තියෙන පෙරේත නාම්බෙක්ව පිලි අරගෙන පිත්ත පටිය කපල ගොඩනැගිල්ල විවෘත කරන දර්ශන , අද එකේ අනිත් පැත්ත , බලන්නත් ලස්සනයි. තව එකක් ඔතන පලකයක් ගහයි හැට හුටාමාරක් නම් දාල උන්ගෙ අම්මගෙ අප්පගෙ බුදලෙන් ගොඩනැගිල්ල හැදුව වගේ . තව එකක් ගොඩනැගිල්ල හදන්න ගත්ත සල්ලි වලිනුත් ඕකුන් මාටිය ගහල

:       0       8

ගිහාන් සෙනා Tuesday, 03 December 2024 06:15 AM

ජෙප්පොන්ගේ මාධ්‍ය සංදර්ශන

:       16       2

sam Tuesday, 03 December 2024 11:03 AM

නියමයි. මෙන්න මෙහෙම තමයි වෙන්න ඕනෑ. පහුගිය ආණ්ඩු කාලේ රජයේ මුදල්වලින් හදලා එක එක දේශපාලුවන්ගේ නම දාගෙන විවෘත කිරීම් තමයි කළේ...

:       0       1

Kalindu Tuesday, 03 December 2024 11:15 PM

හොඳයි... බොහෝම ස්තූතියි. ඒවගේ වියදම අවම තීරණ ගත්තාට. චීන තානාපති තුමාව විශේෂ දැනුවත් කිරීමක් සහ රජයට විශේෂ ස්තුතියක් කරන්න ඇති කියලා හිතනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site