
(කැලුම් බණ්ඩාර)
ඉදිරියේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර නොගන්නා ලෙස මැතිවරණ කොමිසම රජයට දන්වා ඇතැයි රාජ්‍ය නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධන කටයුතු සිදුකරන මුවාවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දේශපාලනඥයන් සම්බන්ධ කර ගැනීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව රජයට මෙම දැනුම් දීම සිදුකර ඇත.
විමධ්‍යගත අයවැය යටතේ වෙන්කර ඇති මුදල් යොදවා සංවර්ධන ව්‍යාපෘති ජූලි මස 31 වැනිදාට ප්‍රථම නිම කිරීමට පියවර ගන්නා ලෙස රජය, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් සංවර්ධන ව්‍යාපෘති එලෙස වේගවත් කිරීමෙන් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී පාලක පක්ෂයට ඉන් වාසියක් ඇතිවන බවත් පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වන ලෙස ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලකයන්ට සංවර්ධන වැඩ තහනම් වන හැඩ
Akila Thursday, 09 May 2024 07:47 AM
එක ඇත්ත සුස්ත්ර පුංච මේ දවස් වල මොන්ටිසෝරි වල විවිධ ප්‍රසංග වලට පවා සහභාගිවෙලා දේශපාලන කතාවක් කරන්න තමයි ට්‍රයි කරන්නේ
Bandara Thursday, 09 May 2024 08:46 AM
මිනිස්සු දන්නවා මෙහෙම හරි වියදම් කරන්නෙ මේ ජනාධිපති ආපු නිසා කියලා. නැත්නම් කන්නත් නෑ.
අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 02:35 PM
ආ... ඇත්තටම බණ්ඩාර එයා ගෙදරින් ගෙනැල්ලාද රටට වියදම් කරන්නේ...?
අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 09:18 AM
සංවර්ධන වැඩසටහන් සදහා පමණක් නොවෙයි රජය මගින් ක්‍රියාත්මක කරන සහනාධාර බෙදාහැරීම වැඩ සටහන් වලටත් රජයට සම්බන්ධ දේශපාලකයන් විපක්ෂට සම්බන්ධ දේශපාලකයන් ද සම්බන්ධ කර ගැනීමට තහනම් කළ යුතුයි.
සෙනෙවිරත්න Thursday, 09 May 2024 10:09 AM
හාල් බෙදීම සංවර්ධන වැඩ වලට දාන්න බැහැ, ඒක හිඟමන් පැත්තෙ වැඩක්, ඒව තවදුරත් කරන්න. ඡන්දෙ මාලිමාවට දෙන්න.