
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් 2022 වසර සඳහා පවත්වන ලද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතන සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයේ දී (CNCL- Achiever of Industrial Excellence) එම වසරේ ඉහළම ලාබ උපයන ලද එකම රාජ්‍ය ආයතනය වශයෙන් රාජ්‍ය දැව සංස්ථාව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය.
2022 වසරේ රාජ්‍ය දැව සංස්ථාව විසින් රුපියල් මිලියන 4,316ක ආදායමක් උපයා තිබේ. ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය මෙන්ම රටෙි ජනතාවගේ ආදායම් පීරිහී තිබූ කාලයක ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතන පාඩු ලබද්දී රාජ්‍ය දැව සංස්ථාව ආදායම් ඉපයීම මෙම සම්මානය පිරිනැමීමට හේතු වූ බව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති මහින්ද කරුණාරත්න මහතා පවසයි.
අදාල සම්මානය රාජ්‍ය දැව සංස්ථාවේ සියලු කාර්ය මණ්ඩල වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම කෘෂිකර්ම , වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයක දී සිදු කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව සංස්ථාවට අවුරුදු තෑග්ගක්
ganegoda Tuesday, 03 January 2023 11:26 AM
කල කැපීමට සහ වන සංරක්ශය විනාශ් කිරීමට , තෑගි බෝග, පදක්කම් දෙන්නෙ ලංකාව විතරක් වෙන්න ඇති !
Bamunuarachchi Tuesday, 03 January 2023 05:45 PM
දැව සංස්ථාව තවම තිබෙනවාද? දැව සංස්ථාව දැව විකුනනවාද?
podiaarachchi Wednesday, 04 January 2023 12:03 PM
සත්තු සිව්පාවෝ යන එන මං නැතුව නන්නත්තාර වෙලා ගම්වලට, නගරවලට කඩාවැදිලා..., සමහර සතා සිව්පාවෝ වඳවෙලා තියෙන හැටි බලනකොට... මෙයාලාට දෙන්න තියෙන්නේ මොනවගේ සම්මානයක්ද, තෑග්ගක්ද කියලා හිතාගන්නත් අපහසුයි...!!!