IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දවසට බිත්තර ලක්ෂ 80ක් කති

(අංජුල මහික වීරරත්න)

මෙරට  දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට ලක්ෂ දහයකින්  ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර ලක්ෂ 70ක් වූ අතර පසුගිය මාස කිහිපයේ එම ප්‍රමාණය බිත්තර ලක්ෂ 80 ඉක්මවා ඇතැයි වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව කීය.

මෙරටට එන විදේශ සංචාරකයින් ගණන ඉහල යාම, පසුගිය කාලයේ  විවිධ හේතු නිසා මස් හා මාළු මිල වරින් වර  ඉහල යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර බවට මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහල යාමට හේතු වී තිබෙන බව ද සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (7)

දවසට බිත්තර ලක්ෂ 80ක් කති

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 11:58 AM

පිනා ඒකටත් කෙලියා, රුපියල් පහළොවට දහසයට තිබුණු බිත්තරය දැන් හතලිස් හතරයි, හතලිස් පහයි.

:       43       10

sugath Friday, 31 May 2024 01:50 PM

හෘද රෝග බහුල වීමට ප්‍රධාන හේතුවක්...

:       6       40

Vithana Friday, 31 May 2024 02:32 PM

අරවින්ද මොණරවිල.., තමුන්ගේ ලොක්කෝ වගේ නිකං කයිවාරු නොගහා කිකිළියෙක්, දෙන්නෙක්ව ඇති කරගෙන අඩුවට බිත්තර කන්නකෝ... තමුන්ලාගේ කට්ටිය තමයි බිත්තර මාෆියාව පස්සේ හිටියේත්. රනිල් ඉන්දියාවෙන් බිත්තර ගෙනාවාම ඒ මාෆියාවට ඉබේම ෂොට් එක වැදුණා. දැන් ඒ වේදනාවට කයිවාරු ගහනවා. අපි නොදන්න ජෙප්පෝ.

:       3       39

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 05:23 PM

රුපියල් පහලොවට තිබුණු බිත්තරය රුපියල් පනහට ගියේ විතානලාගේ සුපර් මෑන්ට පින්සිද්ද වෙන්න... ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයකින් රුපියල් දහය ගානේ කොමිස් ගහන අය තමයි බිත්තර මාෆියාව පස්සේ ඉන්නේ... ඒ ගැන වැඩි විස්තර ඕනෑ නම් නලින්ගෙන් අහගන්න. බිත්තර කන්න කිකිළියෙක් ඇති කරන්න, මාළු කන්න මුහුදු යන්න, කිරි බොන්න එළදෙනෙක් ඇති කරන්න බත් කන්න... කුඹුරක් කරන්න ඕනෑ නම් ආණ්ඩුවක් මොකටද විතාන, ඔයාලාගේ ලොක්කගේ කතාව නම් රොකට් සයන්ස් වලින් වැඩ තාම එඩේර යුගයේ...

:       21       4

kotiyaSaturday, 01 June 2024 09:18 AM

අනේ මන්දා. උබලා පත් කරන ආණ්ඩු වලට කරන්න තියෙන්නේ කුඹුරු කොටලා උබලාට හාල් දෙන්නයි, මුහුදු ගිහිල්ලා මාළු අල්ලන් ඇවිල්ලා උබලාට දෙන්නයි, එළදෙන්නු ඇති කරලා කිරි දොවලා උබලාට දෙන්නයි, කිකිළියෝ ඇති කරලා බිත්තර ඔබලාට දෙන්නයිද? ඔක්කොම කරන එකේ ගෙදරට ඇවිල්ලා උයලත් දීලා ටොයිලට් ගියාම පස්සත් හොදන්න කියාපල්ලා. ඔබලා මරු ආණ්ඩු තමයි පත් කරගන්නේ බලං ගියාම. ලංකාව ඔහොම තියෙන එකත් ලොකු දෙයක්...

:       0       20

Vithana Saturday, 01 June 2024 05:03 AM

ශ්‍රී ලංකාවේ සිදු වෙච්ච හැමකඩාකප්පල්කාරී වැඩක් පිටුපසම ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් අළුත් නමකින් ආපු ජාතික ජන බලවේගය. මෑතකදී පෙන්විය හැකි මහා පරිමාණයේ හොඳම උදාහරණ කීපය නම් උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය සහ පුනරීන් සුලං බලාගාරය. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා අද විදුලි බිල අහස උසට ගිහින් තියෙනවා වගේම රටේ ජනතාවගෙන් සියෙට තිහකට අඳුරේ ඉන්න සිදු වෙලා තියෙනවා. අරගලේ මැදට පැනලා එහි නායකත්වය බලෙන් උදුරා ගත්තාට පසුව කරපු සිල්ලර කඩාකප්පල්කාරී වැඩ වලින් එකක් තමයි මේ බිත්තර නිෂ්පාදනය කඩාකප්පල් කිරීම. එයින් බිත්තරේක මිල රුපියල් අසූවට සීයට ගියා. ඉන්දියාවෙන් බිත්තර ගෙන්වලා ජේවීපී එකේ ඒ කඩාකප්පල්කාරි වැඩේ ලත් තැනම ලොප් නොකරන්න අද මේ රටේ මිනිස්සු බිත්තර කාලා ඉවරයි.

:       0       21

Nishan Saturday, 01 June 2024 05:08 AM

මොණරවිලගේ අනුර ලොක්කා කෘෂිකර්ම සහ පශූ සම්පත් ඇමති වෙලා ඉන්න කාලේ හැම ගෙදරකටම එළ දෙනෙක් දෙන්න තීරණය කලා කිරි වලින් රට ස්වයංපෝෂිත කරන්න ඕනේ කියලා. දැන් මොණරවිල ඒකට හිනා වෙන්නේ එයාගේ ගෙදරට නම් එළ හරක් සහ එළදෙන්නු අළුතෙන් ඕනා නැති නිසා වෙන්න ඇති.

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site