IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ද්වන්ධ සටනක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ට ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ කළ ආරාධනය ලෝන් මස්ක් පිළිගෙන ඇත. වෙනිසියුලාවේ මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට එල්ල වූ ප්‍රහාරය පසුපස ඊලෝන් මසක් සිටින බවට චෝදනා කරමින් මදුරෝ මෙම ආරාධනය කර තිබිණි.

සමාජ මාධ්‍ය සැබෑ නොවන යථාර්ථයක් නිර්මාණය කර පෙන්වන බවත් සමාජ මාධ්‍ය වෙනිසුලාවේ පරම හතුරාවන ඊලෝන් මස්ක් පාලනය කරන බවත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ චෝදනා කළේය. ඊලෝන් මස්ක් ඔබට සටන් කිරීමට අවශ්‍යද මම එයට සූදානම් වෙනිසියුලානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මම ඔබට බය නෑ ඊලෝන් කැමැති ඕනෑම තැනක අපි සටන් කරමු ජනාධිපති මදුරෝ පැවැසුවේය.

මදුරෝ විශාල ශරීරයක් තිබෙන පුද්ගලයෙක් ඔහු ආරාධනා කරන්නේ සැබෑ සටනකට විය යුතුයි. එම සටනින් මම දිනුවොත් මදුරෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. මදුරෝ දිනුවොත් ඔහුට අඟහරු ලෝකයට නොමිලේ සංචාරයක් ලබා දෙනවා. ඊලෝන් මසක් එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ආරාධනාවට පිළිතුරු දුන්නේය.



අදහස් (2)

ද්වන්ධ සටනක්

ආච්චි Friday, 02 August 2024 06:00 AM

මෙව්වා නිකං සමාජ මාධ්‍යවල හිට්ස් ගන්න කරන දෙකයිපනහේ වැඩ. බලාගෙන ගියාම අපේ යූටියුබ්කාරයෝ, ෆේස්බුක් පේජ්කාරයෝ වගේම හිට්ස්මේනියා (Hits-mania) රෝගයෙන් පෙලෙන අයනේ මෙයාලාත්. ඇඟෙන් ගහලා දිනලා මේ ලෝකෙ ප්‍රශ්න විසඳන්න පුළුව නෑ... ඔන්න පියුමි වගේ ලලනාවෝ නම් ඇඟ පාවිච්චි කරලා දිනයි (දැනටමත් දිනලාද දන්නේ නෑ මේ ඡන්ද කලබල අස්සේ)

:       0       4

රනේ Friday, 02 August 2024 05:08 PM

මට නම් හිනා අනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site