ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය, අනතුරුදායක මට්ටමත් පසු කරමින් ඉහළ ගොස් ඇතැයි ප්‍රාන්ත බලධාරීහු අනතුරු අඟවති.
වාතය දූෂණය වී, එය විෂ වන්නේ, වායු දූෂක සංඝටක පී.එම්. 2.5 ක අගයක් ඇති විටය.
මේ වනවිට නවදිල්ලි අගනුවර ඇතැම් ස්ථානවල වායු දූෂක සංඝටක පී.එම්. 500 ක සීමාව පසු කර තිබේ. වායු දත්ත දර්ශකය පෙන්වා දෙන ආකාරයට, නවදිල්ලි අගනුවර වායු දූෂණය පවතින්නේ ඉතා අනතුරුදායක මට්ටමකය.
වායු දූෂණය හේතුවෙන් එළිමහනේ රැදී නොසිටින්නැයි දිල්ලි බලධාරීහු නවදිල්ලි වැසියන්ගෙන් ඉල්ලා ඇත. කම්කරුවන්ට එළිමහනේ රාජකාරි නොකරන ලෙසත්, කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙසත් දිල්ලි බලධාරීන් වැඩි දුරටත් උපදෙස් දී තිබේ. නිවසින් පිටවන්නේ නම් මුහුණු ආවරණ පලඳින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
නවදිල්ලි අගනුවර වායු දූෂණය මෙසේ ඉවහවා ගියේ පසුගිය දා දීපවාලි සැමරුමින් පසුවය. වායු දූෂණය හේතුවෙන් නගරයේ ගිනිකෙළි දැල්වීම තහනම් කර තිබුණු නමුත්, නවදිල්ලි වැසියන් අලුයම් කාලයේ ගිනිකෙළි දැල්වූ බව පොලිසිය පවසයි. ඊට අමතරව, නවදිල්ලි අගනුවරට ඔබ්බෙන් වගාබිම් සකස් කිරීමේ දී කුඹුරු ගිනි තැබීම ද වායු දූෂණය ඉහවහා යෑමට තවත් හේතුවක් වී තිබේ.
නවදිල්ලි අගනුවර වායු දූෂණය ඉහවහා යෑම සම්බන්ධයෙන් දිල්ලි ප්‍රාන්ත රජය වගකිවයුතු යැයි මධ්‍යම රජය චෝදනා නගා ඇත. දිල්ලි ප්‍රාන්තයේ බලය ඇත්තේ ‘ආම් ආද්මී’ පක්ෂයටය. දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ ආම් ආද්මී පක්ෂ නායක අරවින්ද් කෙජ්රිවාල්ය.
වායු දූෂණය හැකිතාක් අවම කර ගැනීමේ අරමුණින් සැහැල්ලු මෝටර් සහිත ඩීසල් වාහන තහනම් කිරීමට දිල්ලි රජය තීරණය කර තිබේ. ට්‍රක් රථවලට නවදිල්ලි අගනුවරට ඇතුළුවීම තහනම් කර තිබේ. නගරයේ ඉදිකිරීම් වැඩ තාවකාලිනක නවතා දමා ඇත.
(එන්.ඩී.ටීවී.)
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දිල්ලියේ වාතය විෂවෙලා
වාතය විෂ Friday, 04 November 2022 02:55 PM
හ්ම්, මෙට්‍රොවල යන්න බැහැ.. ඕක තමයි ප්‍රශ්නෙ... සෞඛ්‍ය සේවාවලින් යම් පියවරක් ගන්න ඕනෑ...