IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දරුවන්ට දෙන්න ආ නිල ඇඳුම් වේයන්ට කන්න ඇරලා

(අමදෝරැ අමරජීව)

පාසල් සිසුන් සඳහා 2024 වර්ෂයට නොමිලේ බෙදා දී ඉතිරිව තිබූ නිල ඇඳුම් තොගයක් කින්නියා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තුළ වේයන් කා දමා විනාශ වීමට ඉඩ හැර ඇතැයි වාර්තාවේ.

කින්නියා කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අධ්‍යාපන කොට්ඨාස තුනක පාසල් සඳහා බෙදා දී ඉතිරීවු නිල ඇදුම් තොග ආපසු යවනු වෙනුවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පෙට්ටි අටක බහා නිල ඇඳුම් හාරසීයකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස විනාශ වීමට ඉඩ හැර තිබේ.එම පෙට්ටි වේයන් කා දමා මඩ ජලයෙන් තෙත්ව ඇති අයුරු දැක ගත හැකිය .

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජි.දිසානායක මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සොයා බලා වගකිවයුත්තන්ට එරෙහිව කටයුතු කරන බවයි .

 

 



අදහස් (6)

දරුවන්ට දෙන්න ආ නිල ඇඳුම් වේයන්ට කන්න ඇරලා

NWS KUMARA Thursday, 29 August 2024 07:50 AM

ලංකාවේ රාජ්‍ය නිලධාරින්ගේ තත්වය...

:       0       0

දසත Thursday, 29 August 2024 07:55 AM

කාලකන්නි හැත්ත. අපි කොච්චර නම් ඉල්ලනවාද? වැඩිපුර 1 දෙන්න කියලා... මෙවා අපරාධ

:       0       0

Nimal 1 Thursday, 29 August 2024 08:22 AM

වේයන්ටත් බඩගින්න දැනෙනවා ඇතිනේ...

:       0       0

ana Thursday, 29 August 2024 09:12 AM

මෙලෙස ඉතිරි වන්නේ පසුගිය වසරේ විභාගවලට ඉදිරිපත් ව අසමත් සිසුන්ගේ ඇදුම්. ඒවා ගන්න ඒ ළමයි එන්නේ නැහැ. මේවා ගබඩා කරන්න කොට්ඨාස කාර්යාලවල ඉඩ නැහැ.

:       7       3

Bunny Preena Thursday, 29 August 2024 09:18 AM

මේවාගේ නිලධාරින් දෙවියන්ගේ සාපයට ලක්වෙනවා

:       0       5

චිරන්ත Friday, 30 August 2024 08:23 AM

මෙහි සම්පූර්ණයෙන්ම වරද තියෙන්නෙ අධ්‍යාපන ඇමැති ඇමැතිගේ හා අමාත්‍යාංශයේ නිළධාරි අතේ කියන්න පුළුවන් ඔවුන් බත්තරමුල්ලට වෙලා සීතල කාමරවල සිටගෙන චක්‍රලේඛ හදනවා වුණත් ක්‍රියාත්මක කරන්න අපහසු බව දන්නේ නැහැ ගුරුවරු ඇණවුම් හදනවා අනා කියනවා වගේ වෙනවා සාමාන්‍යයෙන් ග්‍රාම නිළධාරි හරහා කලොත් ඔහොම වෙන්නෙ නැහැ. ඊළඟට එහෙම කලොත් ග්‍රාම නිළධාරි හා සම්බන්ධීකරණ නිළධාරි සදහා දීමනාත් අනුමත කරන ප්‍රාදේශීය ලේකම් සදහාත් දීමනා නැතිනිසා කරන්න අමාරුයි කරන්න පහසුව නම් අවශ්‍ය තැනකින් ගැනීමට වවුචර දීම පමණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site