
(කේ. බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තරුණයන් 08 දෙනා පසු ජුලි මස 05 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය.
අතවරයට පත් වින්දිත දැරිය තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බැවින් අද (28) දින පැවැත්වීමට නියමිතව තිබූ හදුනා ගැනීමේ පෙරෙට්ටුව යලි කල් තැබීමට ද නියෝග කළේය.
ඒ අනුව එදින පලමු සහ තුන්වන සැකකරුවන් දෙදෙනා හැර අනෙක් සැකකරුවන් හය දෙනා එදින හදුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ
දූෂණය සිදු කිරීම, බලහත්කාරයෙන් රඳවා ගැනීම, පැහැරගෙන යාම සහ නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා හතරක් යටතේ චෝදනා ගොනුකර මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරිය දූෂණය කළ අට දෙනා යළි රිමාන්ඩ්
Appu Friday, 28 June 2024 10:23 PM
බන්ධනාගාරයේ සිටින සහෝදරවරුනි, මෙන්ඔන බට සමාජ මෙහෙවරක් කිරීමට අනගි අවස්ථාවක්. මේ අට දෙනාගේ වෘෂණ පොඩිකර ශිෂ්ණ අක්රීයකර එවන්න. හොඳින් එව්වොත් තවත් මෙවැනි අහින්සකාවියන් මුන්ගේ ගොදුරු වනු නිසැකයි. කරේ කවුද කියලා හොයාගන්න බැරි වෙන්න "භූතයා ගහන" න්‍යාය පාවිච්චි කරන්න. ඔබට ජය !
රෝයි ෆෙඩ්රික්ස් Saturday, 29 June 2024 04:57 AM
මේ මේ අප්පුහාමි . පොඩ්ඩක් කට පරෙස්සම් කර ගත්තොත් හොදයි නේද?ඔවුන් තවම වරදකරුවන් වෙලා නැහැ. සැකකරුවන් පමණයි . කව්ද දන්නේ පොලිසියෙන් කිසිසේත්ම සම්බන්ධයක් නැති පුද්ගලයෝ අත්අඩංගුවට ගත්තද කියලා ?ඒ කොහොම වෙතත් වරදකරුවන්වූ විටත් ඔවුන් විඳිය යුත්තේ අධිකරණයෙන් නියම කරන දඩුවම් පමණයි. ඔබ වැනි පුද්ගලයෝ 69 ලක්ෂයක් ඉස්සර හිටියා . දැන් ඒ ගාන වැඩි වෙලාද මන්දා ?