
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බිරිඳ විදේශගත වු පසු තම සිවි හැවිරිදි දැරියට අමානුෂික ලෙස පහර දී එය විඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරි බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පියෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බිරිය මීට මාස නවයකට පෙර විදේශ ගත වී ඇති අතර එම දැරිය රැක බලා ගැනිම සදහා මොහුට සහ මොහුගේ මව්පියෝ වෙත භාර දී තිබුණි.
දැරිය මේ වන විට බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.
දරුවෙකුට පහර දී කෘරත්වයට පත් කිරිමෙිි චෝදනාව මත මොහු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්‍රගෝ මහත්මිය අද (03) දා නියෝග කලාය.
2025 දෙසැම්බර් මස 18
443
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියට පහර දී සමාජ මාධ්‍යට මුදාහල පියා අත්අඩංගුවට