IMG-LOGO

දුරුතු පොහොය අදයි

දුරුතු පොහොය වසරේ ආරම්භක පොහෝ දිනයයි. ලංකාවාසී සැදැහැවත් බෞද්ධයන්ගේ පහන් සිත් දල්වාලූ දුරුතු පොහෝ දිනය ආගමික වශයෙන් වටිනාකම් රැසක් මෙරටට දායාද කළ දිනයකි. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට මහියංගණයට වැඩම කළේ අද වන් දිනයකය. මහියංගණයට වැඩම කළ බුදුරදුහු ප්‍රාතිහාර්යය පා මහානාග  වනයේ යක්ෂයන් දමනය කර පලවා හැරියහ. එසේම බුදුන් වහන්සේගේ ලංකා ගමනේදී සුමන සමන් දිව්‍යරාජයාට කේශ ධාතු පරිත්‍යාග කිරීමද සිදුවූයේත් අද වන් දිනයකය. .

දහම් අසා සෝවාන් වූ සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන්ගෙන් පූජා වස්තුවක් ඉල්ලූ අවස්ථාවේ බුදුරදුහු සුමන සමන් දිව්‍ය රාජයාට කේශ ධාතු ලබාදුන්නාහ. ඒ උත්තම වස්තුව රන් කරඬුවකින් පිළිගත් සුමන සමන් දිව්‍ය රාජයා බුදුරදුන් වැඩ සිටි මහියංගනයේ සත්රියන් උස දාගැබක් ඉදිකර එහි කේශ ධාතු නිදන් කොට වැඳුම් පිදුම් කළේය‍. ඒ මහියංගණ දාගැබයි. දුරුතු පොහෝදා සිදුවූ තවත් සිදුවීමක් වන්නේ බුදුරදුන් තුන් බෑ ජටිලයන් දමනය කිරීමයි.

මෙවන් ශාසනික වශයෙන් වටිනාකම් රැසක් දායාද කළ පොහෝ දිනයක් ලෙස දුරුතු පෝය හැඳින්විය හැකිය.

ඡායා ළහිරු හර්ෂණ

(ඡායාරූප-ශාන්ත රත්නායක)

 



අදහස් (0)

දුරුතු පොහොය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2075 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 644 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 726 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site