
(බී.ජී. චතුරංග)
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් 17 හැවිරිදි ඥාති සහෝදරයෙකු එල්ල කල පිහි පහරකින් 26 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වඇතැයි ඔයා මඩුව පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 13 කණුව , බණ්ඩාරගම පේමඩුව පදිංචිව සිටි එදිරිසිංහ ආරච්චිලාගේ ජය සංඛ පද්ම කුමාර නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
සැකකරු සහ මරණකරු ඉකුත් 1දා කුඹුරක වැඩ කරමින් සිටියදී ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් දෙදෙනා පොර බදා ඇති අතර පසුව සැකකරු සඟවා ගෙන සිටි පිහියක් රැගෙන මරණකරුට බරපතල තුවාල සිදු කර තිබූ බව පොලිසිය කියයි.
සැකකරු සහ මරණකරු පොර බදින අවස්ථාවේදී එම ස්ථානයට දිව ගොස් ඇති කුඹුරේ හිමිකරු සැකකරුට ප්ලාස්ටික් බටයකින් පහරක් එල්ල කර ඔහු අත තිබූ පිහිය උදුරා ගෙන මරණකරු ඇලයාපත්තුව රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය .
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරකතන හබේ දුරදිග ගිහින් පිහියකින් ඇනලා