IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි

(අංජුල මහික වීරරත්න)

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා  දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (7) දැනුම් දුන්නේය.

අදාල  ශ්‍රමික ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ ආරක්ෂක අමාත්‍යංශයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට  දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ  යන මන්ත්‍රීවරුන් අද කැඳවා තිබිණි.

රුසියාවේ සහ යුක්‍රේනයේ කඳවුරු වල සේවය කිරීමට බව කියා පුවත්පත් වල දැන්වීම් පළ කර රුපියල් ලක්ෂ දහ අට බැගින් ලබාගෙන මෙම ශ්‍රී ලාංකික පිරිස එම රට වලට යවා ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා කීය.

එම රටවලට ගිය සැණින් ඔවුන් යුද්ධය සඳහා යොමු කර ඇතැයි ද එම පිරිසෙන් පහළොවක් මේ වන විට මියගොස් ඇතැයි තොරතුරු ඇති අතර ඔවුන්ගේ දේහයන්වත් සොයා ගැනීමට නැතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

යුද්ධයේදී ඩ්‍රෝන  ප්‍රහාර වලට ලක්ව එවැනි තවත් පිරිසක් මියගොස් ඇති බවට තොරතුරු ඇතැයි  ජයසේකර මහතා කීය.

එම රට වලට ගිය සැණින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ හතක වේතනයක් ලබාදෙන බවට ඔවුන්ට පොරොන්දු වී ඇතත් මාස ගණනාවකින් ඔවුන්ට වේතන ලබා දී නැතැයිද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සලකා බැලූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් රුසියා රජය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලාංකික පිරිස ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නේය.

මෙම වංචාවට හසු වූ පුද්ගලයන් සිටී නම් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කරන ලෙස ද රජය ඉල්ලා සිටී.



අදහස් (1)

දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි

Saman Dissanayake Wednesday, 08 May 2024 04:25 AM

එක්තරා සොකාන්තයක්. මනුසික මෙහෙයුමට සක්‍රියව දායක වුණ අපෙ සහොදරන් අද එක්කො සිකියුරිටි රස්සා නැතිනම් රුසියා සහ යුක්රේන ඉදිරි අරක්ෂක වල්ලල්ලෙ මරෙනවා කෙහෙහි ගුණ නොදන්න ජාතියක් මෙකෙ ඉන්නෙ. සොචම් විශ්‍රාම වැටුපක් අරන් දරුවො නඩත්තු කරන්නෙ කොහොමද?

:       1       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site