IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දයාසිරි වෙනුවෙන් මෛත්‍රීට ලිපියක්

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන්  ඉවත් කිරීමට විරෝධය පළ කරමින් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීම සඳහා නිදහස ජනතා සන්ධානයේ මන්ත්‍රීවරු අද (7) ලිපියකට අත්සන් තැබූහ.

හෙලිකොප්ටරය ලකුණින් පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් නිදහස ජනතා සන්ධානයේ විධායක කමිටු රැස්වීමක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී මෙම ලිපියට අත්සන් තබා තිබේ.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාටද මෙම රැස්වීමට ආරාධනා කර තිබිණි.
මෙම රැස්වීම  සඳහා තිලංග සුමතිපාල  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහචාර්ය ජී.එල් පීරිස්, විමල් වීරවංශ, උදය ගම්මන්පිල,මහාචාර්ය චරිත හේරත්,වීරසුමන වීරසිංහ මහත්වරු ද අතුරලියේ රතන හිමි ඇතුළු ජනතා නියෝජිතයෝ සහභාගී වී සිටියහ.

මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසූයේ තමා සමගි ජන බලවේගය හෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතු නොවන බවයි. 



අදහස් (6)

දයාසිරි වෙනුවෙන් මෛත්‍රීට ලිපියක්

sisil Thursday, 07 September 2023 10:04 PM

මේ කියවන අඳෝනාවලින්ම පෙනෙන්නට තිබෙනුයේ බලයට කෙතරම් තණ්හාවෙන් පෙලෙනේද කියා...? මහජනතාවට සේවය කිරීම නොව මොවුන්ගේ තනතුරු සහ වරප්‍රසාද ගිලිහීයාම මොවුන්ට ඉවසාදරා සිටීමට නොහැකි තත්වයකට මොවුන් දේශපාලන බලයෙන් මත්වී ඇත. දේශපාලනයට පැමිණිපසු මොහු ආරම්භ කළ දේශපාලන පක්ෂය කුමක්ද? සහ අවසානයේ නවතින්නේ කුමන දේශපාලන පක්ෂයේද? ප්‍රතිපත්තියක් නොමැති අවස්ථාවාදී දේශපලන නැට්ටුවන් දේශපාලන පෙරහරේ අවසන් ජවනිකා රඟදක්වමින් සිටියි..

:       2       5

abaran Friday, 08 September 2023 04:46 AM

මහාචාර්ය කියන්නේ වි විද්‍යාලයක තනතුරක් . එය ආචාර්‍ය වගේ අදාල පුද්ගලයට අයිති ටයිටල් එකක් නොවෙයි. සම්මානිත මහාචර්ය වරයෙකුට හැර වෙනත් අයෙකුට වී විද්‍යාලයෙන් ඉවත් වීමෙන් පසුව මහාචාර්ය කියා ඇමතීම වැරදයි නමුත් අපේ සමහර දේශපාලකයින් මෙම වරද දැන දැනම කරනවා ඉන් යම් වාසියක් ලබගන්න . එනිසා අප මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි . කොහොම උනත් මෙතන නම් සඳහන් සෙට් එකම ලබන චන්දෙදි ගෙදර යනවා. එය ස්ථිරයි .

:       0       7

Lalla Friday, 08 September 2023 08:37 AM

එහාට මෙහාට පැනපු බයියෙක් ගැන මොකට කරදර වෙනවද? කලක් එජාප ආණ්ඩුවේත් හිටිය බුවෙක්....

:       0       5

Nimal Friday, 08 September 2023 09:07 AM

මෛත්‍රී ගේ බල තන්හාව .චන්ද්‍රිකා ,මහින්ද,ගෝඨා,මෛත්‍රී ,මේ නිදහස් පක්ෂයේ විනාශයට මග පෑදූ අයයි

:       0       7

K k d silver Friday, 08 September 2023 09:54 AM

දැන් ශ්‍රී ලංකාවේ මිනිසාගේ ගැටලුව නිෂ්ඵල දේ සඳහා ඔබේ කාලය නාස්ති නොකරන්න

:       0       5

ranjith Friday, 08 September 2023 01:57 PM

එක වතාවක් ආප්ප කාලා පාක්ෂිකයෝ පාවා දුන්නා... ඒ ආප්ප කෑමේ නාටකය අංක 01, ඔන්න ආපසු ආප්ප කෑමේ නාටකය 02ට සූදානම් වෙන්නේ මේ පාර අපි පොහොට්ටු හොරු සෙට් එකට සෙට්වෙන්න යන්නේ... හදන්න බොහෝම හොඳයි. හොරු ඔක්කෝම එක පැත්තකට යන එක...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site