( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
තලංගම කිඹුලා ඇල ප්‍රදේශයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද සවස හමුවූ බව තලංගම පොලිසිය කියයි.
එම පුද්ගලයාගේ වයස අවුරුදු 45ක් පමණ විය හැකි බව පොලිසිය කියයි. පාර්ලිමේන්තු පොලිසියෙන් ලද පණිවිඩයක් අනුව මළ සිරුර සොයාගෙන ගැනිණි.
මියගිය පුද්ගලයාගේ උඩුකය රෝස පාටට හුරු කමිසයකින් හා කළු පාට දිගු කලිසමක් හැඳ සිටි බවත් පොලිසිය කියයි.
මොහු මාළු ඇල්ලීම සඳහා ගොස් වැටුණා ද යන්න සැකයක් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.
මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හෝකන්දර දකුණ හදිසි මරණ පරීක්ෂක ඒ එල් ඒ ප්‍රේමලතා මහත්මිය මළ සිරුර පරික්ෂා කිරීමෙන් අනතුරුව, ඥාතීන් හඳුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ මනසට තැන්පත් කරන ලෙස නියෝග කළේය.
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දියවන්නා ඔයේ මළ සිරුරක්