IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි

(රෝෂන් තුෂාර)

එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ  තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමිකාරීත්වය තමන් වෙත පවරන තීන්දුවක් නිකුත් කරන්නැයි  ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ   සමාගමක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (24) නඩු පැවරීය.

දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරත්වය දැරූ ඉම්පීරියල් ස්පෝට්ස් ගෲප් සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර  විත්තිකරුවන් ලෙස එක්සත්  අරාබි එමීර් රාජ්‍යයයේ   ද අයි.පි ජි.ගෲප් නම් කර තිබිණි.

මෙම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවූ  අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල්. පී. එල් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්‍යවශ්‍යම පාර්ෂවකරුවකු වශයෙන් සැලකිය යුතු බවත් එම ආයතනය මෙම නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම්කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ තැනැත්තා තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර  ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කළහොත්   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව  මෙම නඩුව මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසද   ඉල්ලා සිටියේය.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නීතිඥ ජය මුදිතා ජයසූරිය මහත්මියගේ උපදෙස් පරිදි  පෙනී සිටි නීතිඥ රසික දිසානායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීම හේතුවෙන් තම සේවා දායකයාට ඇමරිකානු ඩොලර් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් අහිමි වී ඇතැයි පැවසීය.

තම සේවාදායක සමාගමේ කොටස්කරුවෙකු තරග පාවාදීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණත් ඔහුට එරෙහිව මේ දක්වා චෝදනා පත්‍ර ගොනු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා සාධාරණ කරුණු විමසීමකින් තොරව දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය අහිමි කිරීම නීතියට පටහැනි බවත් පෙන්වා දුන්නේය.

මෙම නඩුවෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග නිකුත් කළහොත් එල්.පී.එල් තරගාවලිය පැවැත්වීමට බාධාවක් සිදු නොවන බවත් ඒ තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු අගතියක් සිදු නොවන බවත් නීතිඥවරයා පැවසීය.

නඩුවේ වග උත්තර කරුවන් වශයෙන් නම්කර සිටි අයි.පී.ජී ගෲප් සහ ඉනොවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් සමාගම් වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ඩුබායි රාජය කේන්ද්‍ර කරගෙන  කටයුතු කරන ආයතන බවත් ඔවුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවරිය නොහැකි බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම නඩුවේ අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නොමැති බව පෙනී යන හෙයින් සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ පැමිණිල්ල සංශෝධනය කර  සතියක් තුළ ගොනු කිරීමට පැමිණිල්ලට හැකියාවක් තිබෙන බව නියෝග කළේය.

ඒ අනුව අදාළ පැමිණිල්ල පැමිණිලිකරුවන්ට යළි භාරදුන් අධිකරණය එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නේ නම් විත්තිකරුවන්ටද නොතිසි ලබා දීමට  පියවර ගන්නා ලෙසත් පැමිණිලිකරුවන්ට නියෝග කර සිටියේය.



අදහස් (0)

දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site