IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිඹුලාගල ජනතාවට ජරා වතුර පොවති

(නිමල් ජයරත්න)

දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කරන සිරිපුර, දිඹුලාගල, නුවරගල, වෙහෙරගල යන ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වල ටැංකිවලට කල් ඉකුත් වූ ක්ලෝරීන් දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක පාරිභෝගිකයින් 700 පුද්ගලයන් 25,000 වැඩි පිරිස්කගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව එම මධ්‍යස්ථාන හතරෙහි ජලය ලබාගන්නා ජල පාරිභෝගිකයෝ සඳහන් කරති.

දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ක්ලෝරීන්  බූලි ගෙනවිත් ඇති අතර එය 2022 ජනවාරි 01 වෙනිදා කල් ඉකුත් වන බවට මුද්‍රණය කර තිබුණද ඒවා වසර වෙනස් කර  අදාළ ජල ටැංකිවලට යොදන බවද ප්‍රදේශයේ ජල පාරිභෝගිකයෝ සහ මහජන පරීක්ෂකවරු සඳහන් කරති.

මේ පිළිබඳ අප සොයා 23 වැනි දා දිනයේද සිරිපුර ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට ගිය විට එදින ද ක්ලෝරින් ග්‍රෑම් 500 ක් එම ටැංකිවලට යොදා ඇති බවට සටහන් කර තිබිණි, ඉකුත් ජනවාරියේ සිට මේ දක්වා අදාළ ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන වෙතින් ලබාදෙන ජලය අපිරිසිදු සහ අසූචි මිශ්‍ර බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා නිවේදනය කරද වෙනත් ජල මූලාශ්‍ර ඔවුනට නොමැති නිසා එම ජලය පානය කිරීමට හුරුවී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක සඳහන් කරති.

 



අදහස් (1)

දිඹුලාගල ජනතාවට ජරා වතුර පොවති

Bunny Preena Thursday, 25 May 2023 11:12 AM

මා හිතන්නේ මොවුන් සභාව් ලොකු ලොක්කන්ගේ විශ්වාසය දිනාගෙන පසුව ඔවුන්ව නොමග යවලා මෙවැනි ක්‍රියාවන්ට යොමුවෙලා කියලයි .හොඳ වෙලාවට මෙම වංචාව අහු උනේ.නැතිනම් මිනිසුන් ලොකු අමාරුවක වැටෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site