IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුඹුරු සීනි, ටින් මාළු ටොන් ගාණක් පරික්ෂා නොකර වෙළෙඳපොළට යවලා

 

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ )

ඇමෙරිකානු ඩොලර් විසි තුන් ලක්ෂයක් වටිනා දුඹුරු සීනි  මෙට්‍රික් ටොන් 6323 ක්  පසුගිය කාලයේදී නියැදි පරීක්ෂාවකින් තොරව නිදහස් කර ඇතැයි   ජාතික විගණන කාර්යාලය පවසයි.

ආයතන අසූ නවයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතික ලබා නොගෙන 2019 -2021 අතර කාලයේදී  අවස්ථා 1014කදී දුඹුරු සීනි ගෙන්වා ඇතැයි විගණන වාර්තාවක සඳහන්වේ.

මේ අනුව දුඹුරු සීනි සම්බන්ධයෙන්  ඒ කාල සීමාවේදී විස්තරාත්මක නියැදි පරීක්ෂාවන් කර ඇත්තේ අවස්ථා 49කදී පමණක් බවද  වාර්තාවේ දැක්වේ.

මේ අතර ලියාපදිංචි නොවූ නිෂ්පාදන ආයතන තිස් එකක් යටතේ ඇමරිකානු ඩොලර් කෝටි නවයකට වැඩි වටිනා ටින් මාලු බහාලුම් හතළිස් තුන් ලක්ෂයක් පමණ ගෙන්වනු ලැබුවද මෙම ටින් මාළු සඳහා සවිස්තරාත්මක නියැදි පරීක්ෂාවන් කර නොතිබුණු බව විගණන අංශ පවසයි.

නිෂ්පාදන ආයතන 36කින් අවස්ථා 1522 කදී සන්නාම හතළිස් අටක් යටතේ ටින් මාළු ගෙන්වා තිබූ අතර නිෂ්පාදකයන් පස්දෙනකු සන්නාම විස්සක් සඳහා පමණක් ලියාපදිංචි වී තිබුණු බව එම වාර්තාවේ සඳහන් වේ.

ආනයනික භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමැතිය මත වන බැවින් ප්‍රමිති ආයතනය පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ආනයනය භාණ්ඩ වෙළෙඳපොළට  නිකුත් නොවන බවට තහවුරු කරගැනීම අධීක්ෂණය කිරීමට සුදුසු මාර්ගෝපදේශකයක් හෝ ක්‍රමවේදයක් ආයතනය සතුව නොමැති බව  විගණන අංශ  නිරීක්ෂණය කර  ඇත.



අදහස් (5)

දුඹුරු සීනි, ටින් මාළු ටොන් ගාණක් පරික්ෂා නොකර වෙළෙඳපොළට යවලා

ravin Saturday, 24 September 2022 10:05 AM

මෙවැනි දේට වගකිව යුත්තන් කවුද? දූෂණයද? හරක් රැළ නොසිටින්නේ මේවායින් කොටසක් කෙසේහෝ තමනුත් ආහාරයට ගන්න බව නොදැනද?

:       1       3

soma Saturday, 24 September 2022 12:48 PM

නියාමනයක් නොමැතිකමද? නැත්නම් වෙන පටලැවිල්ලක්ද? දන්න කෙනෙක් කියන්න....

:       0       2

පුරවැසියෙක්... Saturday, 24 September 2022 04:38 PM

රටේ සෑම අංශයකම කටයුතු නියාමනය කිරීමට රාජ්‍ය ආයතනයක් ඇති කොට, එය නියාමය කිරීමට පෞද්ගලික අංශයකට බාරදීම කළ යුතුයි. රටේ ඉහළ සිට පහළටම හරියට තිතටම කරනු ලබන්නේ දූෂණය සහ වංචාව පමණකි. එතෙක් බලා සිටිමු.

:       0       3

Gunasinghe Saturday, 24 September 2022 06:10 PM

බොහෝමයක් රාජ්‍ය ආයතන අපේ බදුමුදල් ගිලින සුදු අලි තමයි. නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය සහ තවත් ඒවා වගේ...

:       0       2

Bamunuarachchi Monday, 26 September 2022 07:08 AM

පාර්ලිමේන්තුවට අපි මිනිස්සු එවන විදිහ දැක්කාම දුඹුරු සීනි, ටින් මාළු ටොන් ගාණක් පරීක්ෂා නොකර වෙළෙඳපොළට යවන එක මහා දෙයක් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site