IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති

(යොහාන් භාසුර)

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය හෙට (14) දිනට යෙදී තිබේ. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය හෙට මහ ඉහළින් සමරති.

තෛපොංගල් උත්සවය ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරන ‘මකර සන්ක්‍රාන්ති’ සමඟ බැදී ඇති අතර ‘පොංගල්’ යන දමිළ වචනයේ අර්ථය ‘උතුරා යාම නොහොත් පිටාර ගැලීමය’ යන්නයි. එම අර්ථයත් සමඟ යමින්  මැටි කළයක කිරි උතුරා යෑමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සුබ දසුනක් ලෙස හින්දු බැතිමත්හූ විශ්වාස කරති.

‘තෛපොංගල්’ යන වචනය ‘අස්වැන්න නෙලීමේ උත්සවය’ යන අර්ථය ද ගෙන දෙන අතර ඒ හේතුවෙන්ම මෙම උත්සවය සමස්ත ඉන්දියානුවන් සමරණ උත්සවයක් බවට පත්ව තිබේ.  

මකර සන්ක්‍රාන්තිය ජනවාරි 14 වැනිදා සිදුවන වන අතර කුම්භ සහ අර්ධ කුම්භ මේලා මෙදින අවසන් වන බවත් තෛපොංගල් උත්සවය තවත් අලුත් වසරක් සඳහා සූර්ය භ්‍රමණය ආරම්භ වන බවටත් විශ්වාසයක් පවතී.

ඒ අනුව ‘තෛපොංගල්’ උත්සවය නෙුවෙන් ආන්දර් ප්‍රදේශය, අස්සාම්, බෙන්ගාලය, බිහාර්, ගුජරාට්, හිමාචල් ප්‍රදේශය, කර්නටකා, කෙරලා, ඔරිසා, මහරාෂ්ත්රම, නේපාලය, පුන්ජාබය, රාජස්තානය, තමිල්නඩු සහ උත්තර් ප්‍රදේශයන්ට පාරම්පරික නිවඩු දිනයක් ද වේ.

‘භෝඝි’ ලෙස හදුන්වන ‘තෛපොංගල්’ උත්සවයේ පළමු දිනයේ හින්දු භක්තිකයන් පැරණි වස්ත්‍ර සහ රෙදිපිළි පු`ඵස්සා ගෙවී ගිය වසර අවසන් කර නව වසර පිළිගන්නා අතර ‘තෛපොංගල්’ දින පෙරවරුවේ උක් ගස්වලින් වට කළ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කිරීම සාමාන්‍ය සිරිතයි.‘

 ‘පොංගල්’ ලෙස හදුන්වන දෙවැනි දින අලුත් මුට්ටියක බත්, හකුරු සහ නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිළි ආදියෙන් හිරු දෙවියන් පිදීම ද මෙම උත්සවයේ ප්‍රධාන අංගයකි.

(ඡායාරූප: ළහිරු හර් ෂණ)

 

 



අදහස් (0)

දමිළ ජනයා ‘අස්වැන්න නෙලීමේ උත්සවය' සැමරීමට සූදානම් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site