(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුද සමයේදී උතුරේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභාගර්භයේ අද (12) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ.
මේ විරෝධතාව පැවැත්වූයේ යුද සමයේදී උතුරේ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ රාධලිංගම් මහතා කතා කරමින් සිටියදීය.
සෙල්වම් අඩෙයිකලනාදන්, ගෝවින්දන් කරුණාකරන් සහ චාල්ස් නිර්මලනාදන් ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පිරිසක් මෙම විරෝධතාවයට එක්වී සිටිනු දැක ගත හැකිවිය.
උතුරේ පිරිසක් අතුරුදන්වී දින දෙදහසක් ගතවී ඇතත් ඒ අයගේ පවුල් වලට තවමත් සාධාරණය ඉටුවී නැතැයි චෝදනා කළ එම මන්ත්‍රීවරු ඒ පිරිස්වලට වහාම සාධාරණය ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු මැතිසබේ විරෝධතාවයක
Bamunuarachchi Friday, 12 August 2022 05:26 PM
සර්වපාක්ෂික මඟුලෙන් දැන් රටට වැඩක් නැහැ. මොවුන් හදන්නේ උන්ගේ මලු පුරවා ගන්න. සාධාරණය ඉෂ්ඨ කරන්න කියන්නේ සල්ලි දෙන්න කියලද? ත්‍රස්තවාදියෙකුගේ වටිනාකම කොපමණද? රට පැනලා ඉන්න ගොයියොත් ඔය අතුරුදන් ලිස්ට් එකේ ඉන්නවා නේද?
ruwan Saturday, 13 August 2022 08:34 AM
ඇයි අපේ ආමි එකේ අතුරුදන් වුනු ළමයින්ගෙ අම්මලා තාත්තලාටත් මෙහෙම එකමුතු වෙලා උද්ඝෝෂණය කරන්න බැරි. එතකොට ඒවත් ජාත්‍යන්තරයට යනව. නැත්නම් හිතන්නේ මුන් හරි හොඳ කුක්කු බබාලා කියලා.