IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ  සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බව කොළඹ ජානකී හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන  මණ්ඩලයේ තීන්දුවක් මත මෙම තීරණය ගත් බවද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී දිගම්බරම්, වී. රාධක්‍රිෂ්ණන්, එම්. වේලුකුමාර්, එම්. උදයකුමාර් ඇතුළු  පිරිසක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරයි.



අදහස් (5)

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට

Chinthaka Tuesday, 06 August 2024 02:14 PM

පියනොගෙන් ආයුධයි , සල්ලියි අරන් තියෙන නිසා කොටියා කොහොමත් පුතානොට

:       71       12

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 02:26 PM

තමන්ගේ සාක්කුවට කීයක් වැටෙනවද කියන මානසිකත්වයෙන් මිසක තමන්ගේ ජනතාව ගැන නොහිතා දේශපාලන කෙරුවා ඔයගොල්ලෝ හැමදාම හිටියේ ජාතිවාදය ආගම්වාදය කරපින්නාගෙන හිටිය සහ දූෂණයේ කප්පිත්තෝ සමගයි, ඒ නිසා ඔහෙලා නැතුව අපිට දමිල ජනතාව සමඟ මේ ගේම ගහන්න පුළුවන් !

:       47       20

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 02:54 PM

කොහොමත් මේ අය සිටියෙ ඔතන තමයි. හැබැයි සාමාන්‍ය දෙමළ ජනතාව, තරුණ කොටස් ඔහෙලට මේ පාර රැවටෙන්නෙ නැහැ. ඒ අය නව පුනරුදයක් සොයාගෙන එනව, මෙතෙක් කල් තමුන්ල කල දෙයක් නැහැ.

:       34       14

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 02:55 PM

සජිත් කම්කරුවො වතු අයිතිකාරයො කරනව කියනඑකට රැවටෙන අය නැහැ හොඳද?

:       26       13

ගමේ එකාලා Tuesday, 06 August 2024 08:27 PM

නමින් දමිළ ප්‍රගතිශීලී වුණාට එයාලගේ කෙරුවාවල් ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site