(සිතුම් චතුරංග)
යාපනය, වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්‍රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ උතුරු නැගෙනහිර කාන්තා ප්‍රධාන සංවිධායිකාව හෙට තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ස්මයිල් ජමිල් මහතා නියෝග කළේය.
එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණෙ කිලිනොච්චිය , මරදන්කේණි පදිංචි සගර්ණදේවි ජගතීෂ්වරන් නැමති සිවිල් සමාජ ක්‍රියාකාරිණියක ද වේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ සැකකාර කාන්තාව ඇතුළු පිරිසක් පසුගිය 02 ජනහමුවක් සඳහා තලයාඩි ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටි අවස්ථාවේ එම ස්ථානය අසලට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමඟ මන්ත්‍රීවරයා මතභේදාත්මක තත්වයක් ඇතිකරගෙන තිබුණි.
පසුව එම නිලධාරීන්ට බැනවදිමින් ජනතාව සමඟ බුද්ධි අංශ නිලධාරීන් අල්ලා ගැනීමට උත්සහ කිරීමත් අතර දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් උද්ගතවිය.
සිද්ධිය වන අවස්ථාවේ ඊට යාබදව පිහිටි තාලයඩි රෝමානු කතෝලික මිශ්‍ර විදුහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයටද බාධා සිදුව ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ මන්ත්‍රීවරයාට ඉවත්වෙන ලෙස දැණුම්දී සිටියදී එම පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් හටගැණින.
මරදන්කේණි පොලිස් නිලධාරීන් පැමිණ සිද්ධිය සමථයකටපත්කොට මන්ත්‍රීවරයා සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවරගනු ලැබීය.
බුද්ධි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙන ස්ථානයේ දේශපාලන රැස්වීම් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායිකාවක රිමාන්ඩ්
Rattu Tuesday, 06 June 2023 08:31 AM
එතකොට පොන්නම්බලම් නිදහස්ද ?අපි දැක්කා පොන්නම්බලම් උද්දච්චකමෙන් නටපු නාඩගම
sumith Ahangama Tuesday, 06 June 2023 09:45 AM
ඉතාම හොඳයි
Prabha Tuesday, 06 June 2023 11:42 AM
එතකොට බෙල්ලෙන් අල්ලපු මන්තිරියා නිදහසේද ?