
(ප්‍රසාද් රුක්මල් )
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (27) පැවසීය .
දුම්රිය බිංගෙවල් වල ඇති විය හැකි ජල කාන්දු වීම , ඉරිතැලීම් , බිංගෙයි බිත්ති දුර්වල වීම , බොල් වීම වැනි දෝශ මෙන්ම බිංගෙය තුල දුම්රිය මාර්ගයේ පිහිටීම වෙනස් වීම තාක්ෂණික දෝශ ඇති වීම පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය තාක්ෂණික ක්‍රියා මාර්ග , පිළියම් යෙදීම මෙම බිංගෙවල් පරීක්ෂණයේ අරමුන යැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .
දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරුවන් විසින් මෙම පරීක්ෂණ සිදු කරනු ලබයි .
මෝටර් ට්‍රොලි , ඩක්කු සහ පිරික්සුම් අට්ටාල සවිකරන ලද විශේෂ දුම්රියක සිට මෙම කටයුතු සිදු කරනු ලබන අතර , දුම්රිය දෙපාර්තමේන්තුවේ මහනුවර බිංගෙවල් නඩත්තු අංශය, හැටන් , නානුඔය , පට්ටිපොළ , ඔහිය සහ බණ්ඩාරවෙල යන දුම්රිය මාර්ග අංශවල සහය මත මෙම කටයුතු සිදු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය .

2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්
pakeer Sunday, 28 July 2024 04:57 PM
බොහොම හොදයි.. අනතුරකට පෙර මෙවැනි දේ කිරිම