(යොහාන් භාසුර)
දුම්රිය රියදුරු සංගමය ක්‍රියාත්මක කළ පැය 20 ක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ සිට දුම්රිය ගමන් වාර 80 ක් අවලංගු කළ බව දුම්රිය දෙපා්තමේන්තුව පවසයි.
වර්ජනය හේතුවෙන් අද (24) දිනයේ පමණක් දුම්රිය ගමන් වාර 65 ක් අවලංගු කළ බවත් ප්‍රධාන මාර්ගයේ පමණක් ගමන් වාර 36 ක් අවලංගු වූ බවත් දුම්රිය දෙපාර්මේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 16 ක්, පුත්තලම් මාර්ගයේ ගමන් වාර 8 ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 4 ක් සහ උතුරු මාර්ගයේ ගමන් වාරයක් අද දිනයේ අවලංගු කළ බවත් ඊයේ දිනයේ ද ගමන් වාර 15 ක් අවලංගු කළ බවත් එම නිලධාරියා කීය.
වැඩ වර්ජනය අද පස්වරු 3.00 ට පමණ අත්හිටුව ද තවත් ගමන් වාර 18 ක් අත්හිටුවූ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය ගමන් වාර 80 ක් අවලංගුයි