
(මනෝප්‍රිය ගුණසේකර)
රන් අලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී සොයා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ගොනු කළ ඇප ඇයැදුම්පත ජූලි 14 වැනිදා විමසා බැලීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (30) තීරණය කළේය.
සිද්ධියේ තුන්වන සැකකරු මේ වනවිට ඇප මත මුදා හැර ඇති හෙයින් මේ වන විටත් රිමාන්ඩ් බාරයේ පසුවන දුමින්ද දිසානායක මහතාට ඇප නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉල්ලා සිටි අවස්ථාවේදී තුන්වන සැකකරු පොලිසියට දුන් ප්‍රකාශ තුළින් මතු වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳ මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළ විනිසුරුවරයා දෙපාර්ශවයේම කරුණු සලකා බලා නියෝගයක් දීම වඩාත් සුදුසු බවද අවධාරණය කළේය.
රන් අලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියක් වැල්ලවත්ත නිවාස සංකීර්ණයකදී සොයා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා මෙම ඇප ඇයැදුම්පත ගොනු කර ඇත.
ඇප ඇයැදුම් පත කැඳවනු ලැබු අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියේ එක් සැකකරුවකුට මේ වනවිටත් ඇප නියම කර ඇති හෙයින් තම සේවාදායකයාටත් ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරුවරයා ඉදිරිපත් කර ඇති වාර්තා පරීක්‍ෂා කර බැලීමේදී විමර්ශන උධෘත නීතිපතිවරයාගේ අධීක්‍ෂණයට භාජනය වි ඇති හෙයින් පෙත්සම්කරුට එරෙහි සාක්ෂි සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ලබා ගැනීම වඩාත් සුදුසු බව අවධාරණය කළේය.
මේ වනවිට ඇප මත මුදා හැර ඇති නඩුවේ තුන්වන සැකකරු පොලිසියට දුන් ප්‍රකාශ තුළින් හෙළි වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින අධිකරණයට දැනුම්දෙන ලෙස වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයාට නියම කළ විනිසුරුවරයා ඇප ඇයැදුම්පත විමසා බැලීම ජූලි 14 වැනිදා දක්වා කල් තැබීය.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුමින්දගේ ඇපැලට දින දෙයි