
( රොමේෂ් මධුෂංක)
යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ඖෂධහලක තුල දින දෙකක් තිස්සේ මළසිරුරක් තබාගෙන ඉන්පසු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි යපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.
ඔසුසල පවත්වාගෙන යාම ලියාපදිංචි කොට තිබූ ස්ථානයේම පිටුපස කොටසේ තිබූ නිවසේ වයෝවෘද්ද යුවළක්ද ජීවත්ව සිට ඇති අතර ඉන් වයෝවෘද්ද පුද්ගලයා මියගොස් තිබිණි.
පසුව එම මිනිය දින දෙකක් ඖෂධහලෙහි තබා අනතුරුව මිහිදන් කිරීමට කටයුතුකර ඇතැයි පොලීසිය කියයි.
ඔසුසලේ ඖෂධ ගබඩා කිරීමේදී පිළිපැදිය යුතු නීති උල්ලංගණය කරමින් ඇතම් ඖෂධ වර්ග වෙනත් ස්ථනයකට රැගෙන ගොස් ඇති බවටත්, කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකොට ඇතැම් ඖෂධ තිබෙද්දි මළසිරුරද එම ඔසුසල තුලම තැන්පත් කොට ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ අරඹා තිබේ.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින දෙකක් ඖෂධ හලක මිනියක් තියාගෙන