
(ෂේන් සෙනෙවිරත්න)
සමාජ මාධ්‍යයේ මොන පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා, හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (Poj Harnpol) මහතා පවසයි .
තායිලන්ත තානාපතිවරයා මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් තායිලන්තයෙන් මෙරටට ලබාදුන් තායි රාජාගේ සුව දුක් බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ඒ බව අවධාරණය කළේය .
තානාපතිවරයා මහනුවරට පැමිණ ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව දැනට සුදුහුම්පොළ රජ මහා විහාරයේ රඳවා තිබෙන තායි රාජා හස්තියා නිරීක්ෂණය කිරීමට එකතු විය
මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එක්විය .
එහිදී තායිලන්ත තානාපතිවරයා පවසා සිටියේ සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් සංසරණ වෙමින් තිබෙනවා. තායිලන්තයෙන් මෙරටට ලබාදුන් අලි ඇතුන් නැවත ලබාගැනීමක් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි .
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් රැක බලා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම තායිලන්තයෙන් ලබා දීමට ඉදිරිපත් වන බව ද තානාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
ප්‍රතිකාර සඳහා තායිලන්තයට රැගෙන ගිය මුතු රාජා හස්තියා මේ වන විට සුවයෙන් පසුවන බව කී තානාපති වරයා සත්‍ය නොවන පුවත් හේතුවෙන් මහත් අර්බුද නිර්මාණය වී ඇතැයි සඳහන් කළේය .

2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘දුන්නු ඇත්තු යළි ගෙන යන්නේ නෑ‘‘
Jagath Wickramasekara Thursday, 06 July 2023 03:16 PM
ඒ උනාට මේ අලි මෙහෙ දුක් විදිනවා ...
sarath Thursday, 06 July 2023 03:20 PM
මේ පන්සල් වල සහ වෙනත් ස්ථානවල දම්වැල් වලින් බැඳගෙන අලි ඇතුන්ට කරන හිංසාව බුදුරජානන් වහන්සේ විසින් කිසිසේත්ම අනුමත නොකරන බව අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ අදහස වේ